IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාව ගැන සාවද්‍ය පුවතක් පළ කළැයි විදේශ අමාත්‍යාංශයේ විරෝධය

(තිළිණි ද සිල්වා )
 
එක්සත් රාජධානියේ ප්‍රකාශයට පත් කෙරෙන  ද ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණයේ  "ඊලාම්” පිළිබඳව සඳහන් ‘කරමින්  පාඨකයින් සදහා යොමු කර තිබූ සංචාරක ප්‍රශ්නාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙස ශ්‍රී ලංකාව එම පුවත්පතින්  තරයේ ඉල්ලා සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
 
මේ සම්බන්ධයෙන් එරට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන සරෝජා සිරිසේන මහත්මිය  මෙම තොරතුරුවල සාවද්‍යතාවය පිළිබඳව ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින්, මෙම අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේ යැයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
ඉකුත් සිකුරාදා (15) දින  එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවත්, එහි සඳහන් දෙවැනි ප්‍රශ්නය වන්නේ, ‘ඊලාම් යන ස්වදේශීය නාමය භාවිතා වනුයේ  කුමන ජනප්‍රිය නිවාඩු දිවයිනෙහි ද?’ යන්න යැයිද එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.

මෙම ප්‍රශ්නය සඳහා තෝරාගත හැකි පිළිතුරු වලින් එකක් ලෙස ‘ශ්‍රී ලංකාව’ ලැයිස්තුගත කර ඇති අතර, යමෙකු පිළිතුර ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නා විට, එය නිවැරදි පිළිතුර ලෙස දැක්වෙන අතර, තවදුරටත් විස්තරයක් ලෙස, ‘දිවයිනේ මෑත කාලීන හමුදා කැරැල්ලේ සම්පූර්ණ නාමය එල්.ටී.ටී.ඊ. - දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය’ යන්න එහි දිස්වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.
 
එබැවින් මෙය සාවද්‍ය පුවතක් බවද එම  අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (0)

ද ගාඩියන් පුවත්පත ශ්‍රී ලංකාව ගැන සාවද්‍ය පුවතක් පළ කළැයි විදේශ අමාත්‍යාංශයේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site