(ඩිල්ෂානි චතුරිකා දාබරේ සහ දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස ඒවා නම් කිරීමෙන් මෙම තීරණය තවදුරටත් ක්‍රියාත්ම වේ.
සෙසු සියළු දිස්ත්‍රික්කවල අද, සඳුදා උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබීය.
මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කොට එදිනම සවස 4.00ට යළි පැනවීමට නියමිතය.
අද( 06 ) සිට 10 වැනිදා , සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇත.
කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එකී නියමයන් පිළිගෙන ඇඳිරි නීති කාලය තුළ නිවසේම රැඳී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සලකනු ලැබේ. කවරකුට හෝ මේ ගම්මානවලට ඇතුළුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන් තහනම් වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ

COMMENTS
සමහර දිස්ත‍්‍රික්ක එක්ක තියන තරහක් පිරිමහනව ද මන්දා... ?
දැන්නම් අතේ තියන සල්ලිත් ඉවර වෙගෙන එන්නේ... මොනවා කරන්නද ඉතින් ...?
කමක් නැහැ මේ දිස්ත්‍රික්කවල මිනිස්සු බඩගින්නේ මැරුනාවේ කොරෝනා හදාගන්නේ නැතුව ඔයාලා හොදින් සතුටින් ඉන්නකෝ....!!!
කොළඹින් බැහැර ප්‍රදේශවලට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ යාන්ත්‍රණයක් තවමත් නැහැ. සතොස, පික්මී, කාර්ගිල්ස් ප්‍රධාන නගරවලට පමණයි.
අඩු තරමේ මාස හයක් වත් එක දිගටම ඇඳිරි නීතියා දාන්න ඕනා. එසේ නැත්නම් මේ කොරෝනා වෛරසයෙන් ගැලවෙන්න බැහැ. මිනිස්සු ගෙවත්තේ වගාකරගෙන කන්න පුරුදු වෙන්න ඕනා. ඊයේ පෙරේදා ගමෙන් නගරයට ආ රිලව් රැල නැවත ගම බිම් බලා එලවන්න ඕනා.
දැන් එතකොට මේ දවස් වල දුප්පත් ජනතාවට ආධාර බෙදන්න ගෙවල් ගානේ යන ජන්ද අපේක්ෂකයන්ටයි හෙන්චයියන්ටයි කොරෝනා හැදෙන්නත් ඔවුන් හරහා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නත් අවධානමක් නැද්ද ? මේ කරන ක්‍රමය කිසිම තේරුමක් ඇත වැඩක් නෙමෙයි. දේශපාලකයෝ සහ රජයේ නිලදාරීන් හිතේ හැටියට රැස්වීම තියනවා. එකතු වෙලා කතා කරනවා. නමුත් ඔවුන්ට කිසි තහනමක් නැහැ . මේ නිකන් සාමාන්‍ය ජනතාවට තමයි බොරු තහනම. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට කොරෝනා හැදුනොත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බේත් කරන්න රජය කැමති නැහැ . නමුත් ඔවුන්ට හැදුනොත් උපරිම සැප දීලා හොඳ කරගනියි.