IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට විවෘත කෙරේ

(ලසන්ත නිරෝෂණ පෙරේරා)               
 
දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට (09) විවෘත කිරීමට අවසරය ලැබී ඇතැයි සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා අද (08) පැවසීය.
 
රජයෙන් ලද එම අවසරය අනුව නීති රිති වලට එකඟව  පෞද්ගලික ඖෂධ වෙළෙඳ සැල් විවෘත කරන ලෙස තම සංගමයේ සාමාජිකයින්ට දැනුම් දෙන බවද ඔහු කීය . 

ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා ඔසුසැල් විවෘත කිරිමට අවසරය ලැබී තිබේ. 
 
ඖෂධ ලබා ගැනීමට නොහැකි අයෙකු වෙතොත් ප්‍රාදේශීය ලේකම් විසින් බලය පැවරුණු නිලධාරීන් , පොලිසිය හෝ ආරක්ෂක අංශ හරහා  බෙහෙත් වට්ටෝරු ලබාගැනීමේ  පහසුකම් සලසා ඇතැයි ද සමස්ත ලංකා ඖෂධ සැල් හිමියන්ගේ සංගමය පවසයි.                                            
ඇදිරි නිතිය ලිහිල් කරන ප්‍රදේශවල ඇදිරි නිතිය ඉවත් කිරිමන් පසු පාරිභෝගිකයින්ට  ඖෂධ සැල් වෙත පැමිණි බෙහෙත් වට්ටෝරු ලබාදි  ඖෂධ මිලදී ගැනිමේ හැකියාව පවති.                                                         
 
වට්ස් ඇප් සහ වයිබර් ඔස්සේ ඇණවුම් ලබාදෙන පාරිභෝගිකයින් එක් ඖෂධ වෙළෙඳ සැලකට පමණක් ඇණවුම ලබාදෙන ලෙසත් කිපයකට ලබාදීම නිසා ඖෂධ වෙළෙඳ සැල් හිමියන්  සහ සේවකයින්  අපහාසුතාවලට ලක් වන බවත් සමස්ත ලංකා ඖෂධ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
 
ඖෂධ තොග සැපයුම් කරුවන්ට රටපුරා බෙදාහැරිම් සිදුකිරිමට මේවන විට රජය මැදිහත්ව අවසර ලබා දි ඇතැයි ද ඔහු කීවේය.                                          
මේවන විට ඖෂධ හිගයක් නොමැති අතර එහෙත් අනවශ්‍ය ලෙස මාස තුන හතරකට ඖෂධ ගබඩාකර තබාගැනිම එලරහිත ක්‍රියාවක් බවද  ඖෂධ සැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසිය.
 
මේවන විට දිවයින පුරා ඖෂධ වෙලෙඳ සැල් 3200 ක් අතුරින්  වැඩි ප්‍රමාණයක් ඇදිරි නිතිය පවතින අවස්ථාවේදී ව්වෘත කිරිමට කැමත්ත පළකර තිබේ . රට විපතකට පත්වි සිටින් අවස්ථාවේදී උපරිම සහාය ලබාදෙමින් ජනතාව වෙනුවෙන් සේවය සැලසිමට ඖෂධ වෙලෙඳ සැල් හිමියන් සුදානම් බවද  ඖෂධ සැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පැවසිය .                                     
 
ඇදිරි නිතිය ඉවත් කරන දිනවලදී  වෙනත් ඇදිරි නිතිය ඉවත් කරන ලද දිනවල සේවා සැපයු ආකාරයට ම ඖෂධ සැල් වල සේවා සැපයුම සිදු කෙරේ.



අදහස් (0)

දිවයිනේ සියලුම පෞද්ගලික ඖෂධ සැල් හෙට විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site