(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවික හමුදා මූලස්ථානයේ නව නිපැයුම් හා පර්යේෂණ ඒකකයේ නිලධාරීන් රුපියල් ලක්ෂයක පමණ වියදමින් දුරස්ථ පාලකයක් මගින් ක්‍රියා කළ හැකි යන්ත්‍රයක් අද (12) කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාර දීම සිදු කෙරුණි.
කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන රෝගීන් වෙත සමීප නොවී ඔවුන් සමඟ සංවාදයේ යෙදීමටත් ඔවුන්ව නිරීක්ෂණය කිරීමට ආහාරපාන ලබා දීමට මෙන්ම විෂබීජ හරණය කිරීමට ලක් කිරීමට දුරස්ථ පාලක යන්ත්‍රයට හැකියාව ඇත .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ශ්‍රී ලංකා !
කොරෝනා වයිරසය ආසාදිත යැයි සැක කරන රෝගීන් වෙත සමීප නොවී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට ආහාරපාන ලබා දීමට මෙන්ම විෂබීජහරණය කිරීමට දුරස්ථ පාලක යන්ත්‍රයක් ලබාදීම සිදුකළ ලෝකයේ එකම රට ලංකාව වන්නට පුළුවන. කෙසේ වෙතත් ප්‍රායෝගිකව වෛද්‍යවරයා සහ හෙදියට විෂබීජ වලින් ආරක්ෂා විය හැකි ඇදුම් කට්ටලයක් ලබාදීමෙන් මෙම කාර්යය වඩාත් කාර්‍යයක්ෂමව වනු ඇත. වෛද්‍යවරයා සහ හෙදියට රෝගියකු අසලට ගොස් අවශ්‍ය ප්‍රතිකාර කිරීම වඩාත් උචිතවේ. යම් එන්නතක් විදීමට සිදුවුවහොත් රොබෝලා මාර්ගයෙන් එවැනි කටයුතු සිදුකළ නොහැකි බවත් රෝගියාගේ නිරීක්ෂණ කටයුතුවලදී වෛද්‍යවරයා සහ හෙදිය සමීපයට ගොස් ලබා ගන්නා අදහස රෝබෝ මාර්ගයෙන් ලබාගත නොහැක. මෙවැනි රෝගීන් සිටින්නේ රෝහලේ වෙන් කරන ලද කොටසක නිසා විෂබීජ වලින් ආරක්ෂා විය හැකි ඇදුම් කට්ටලයක් ලබාදීමෙන් ඔවුන්ගේ සේවය පහසුවෙන් කරගෙන යාමටත් වෛද්‍යවරයා සහ හෙදියගේ මනස ශක්තිමත් වීම පමණක් නොව ඔවුන් ලබා ඇති ඉහලම පුහුණුව අවතක්සේරු නොවීමත් මගින් ඔවුනට බියකින් සහ සැකයකින් තොරව රෝගියා අසලට යාමට හැකිවේ.චීනයෙන් ගෙන්වා එකලස් කොට නව නිපැයුම් නොව තරුණයන් ඔවුන් විසින්ම කරනු ලබන නව නිපැයුම් අගය කරමු.
රටේ ඕනෑම ප්‍රශ්නයකදී රට වෙනුවෙන් ඉදිරියට එන ත්‍රිවිද හමුදාවේ දෙවිවරුන්ට රටේම ප්‍රණාමය හිමිවේවා ! එපමනකුදු නොව රටේ හැම තැනම සිටින මොලකරුවන්ගේ විවිධ වූ නිර්මාණ රට දියුණු රටක් කිරීමේ ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයට මනා පිටුවහලක් වනු ඇත. මෙවැනි නිර්මාණ වල ශක්තිය අප ප්‍රදේශයේ මිනුවන්ගොඩ රෝහලත් ලැබේවා ! මෙම උවදුර ජය ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා !