IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දියතලාව මූලික රෝහලට ප්‍රතිකාර ගන්න ආ 19 ක් ස්වයං නිරෝධායනයට

(සමන්  පාලිත නානායක්කාර)

දියතලාව මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මාර්තු 18 දින පෙරවරු 9.00 හා 11.30 අතර ප්‍රතිකාර  ලබාගැනීමට පැමිණි 19 දෙනෙකු හඳුනාගත් බවත් ඔවුහු  සිය  නිවෙස් වලම නිරෝධායනයට   ලක් කිරීමට කටයුතු කළ බවත්  හපුතලේ  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා  පැවසීය.

බණ්ඩාරවෙලින් හමුවූ කොරෝනා ආසාදිත රෝගියා  එම කාලය තුළදී දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන්   ප්‍රතිකාර ලබාගැනීම  හේතුවෙන් ඒ අවස්ථාවේ දී සම්බන්ධ වූවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය   අංශ මෙම පියවර ගෙන ඇත.

බණ්ඩාරවෙල දියතලාව හපුතලේ ප්‍රදේශවල 19 දෙනකු මෙසේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටිති.

මේ අවස්ථාවට සම්බන්ධ වූ තවත් අය සිටීනම් සොයා ගැනීම සඳහා හපුතලේ වෛද්‍ය නිලධාරී  කාර්යාලයේ වෛද්‍ය මිලින්ද පෙරේරා  මහතාගේ මෙහෙයවීම යටතේ  මහජන සෞඛ්‍යය  පරීක්ෂකවරු විමර්ශන සිදු කරමින් සිටිති. 



අදහස් (0)

දියතලාව මූලික රෝහලට ප්‍රතිකාර ගන්න ආ 19 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site