(සමන් පාලිත නානායක්කාර)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් ඇසුරු කිරීම හේතුවෙන් කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (09) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව යුද හමුදාව කියයි.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ මෙම පිරිස කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික ආයතන මධ්‍යස්ථානයේ දී දින 21 ක් නිරෝධායනය සඳහා යොමු කළ බව යුද හමුදාව සඳහන් කළේය.
රත්නපුර මුද්දුව මැණික් ව්‍යාපාරිකයාගේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අංශ ගත් තීරණය අනුව දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට මෙම පිරිස රැගෙන විත් ඇති බවද යුද හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාද බර දවසක් කට්ටි පැන්නෙ? හත්වලාමේ මේ සනුහරේ දැන්ද කූඩු කොලේ ? දීල ඇති නේ රව්මටම?