සමන් පාලිත නානයක්කාර
නීති විරෝධී ලෙස මත්පැන් පිටතට යෑම වැළැක්වීම සඳහා බණ්ඩාරවෙල සුරාබදු දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ ඇති මත්පැන් හල් පහක් අද (7 ) තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බව බණ්ඩාරවෙල සුරාබදු කාර්යාලය කියයි.
දියතලාව මත්පැන් හල් දෙකක් කැප්පිටිපොල මත්පැන් හල් දෙකක් සහ වැලිමඩ මත්පැන්හල් එකක් වශයෙන් මෙසේ මුද්‍රා තබා තිබේ.
මෙම මත්පැන් හල් පිළිබඳව ලැබුණු විවිධ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව විවෘත කිරීමට නොහැකි වන ලෙස මුද්‍රා තැබූ බවද එම කාර්යාලය කියයි .
කොරෝනා මර්දන වැඩසටහන ක්‍රියාත්මක වීම නිසා මත්පැන් හල් වසා තැබීමට රජය ගෙන ඇති පියවරට සහාය දැක්වීම මෙම ක්‍රියාමාර්ග ගැනීමට හේතු වූ බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය .
2025 ඔක්තෝබර් මස 08
1847
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1492
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දියතලාව- කැප්පෙටිපොළ -වැලිමඩ මත්පැන් හල් 5 කට මුද්‍රා තබයි