(කාංචන කුමාර ආරියදාස)
 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විෂබීජ හරණය කිරීමේදී අද(29)  අලුයම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බාධා එල්ලවීම නිසා එහි නිසියාකාර විෂ බීජහරණය කරගැනීමට නොහැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
 
මධ්‍යම රාත්‍රිය වන තුරු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ව්‍යාපාරිකයන්ට එළවළු මිලදී ගැනීම සඳහා සහ අලෙවි කර ගැනීමට විවෘත ව තිබිණි .
 
පසුව රජයෙන්  තීන්දු  කරගත් පරිදි මෙහි විෂබීජහරණය කිරීමෙන් පසුව විවෘත කිරීමට තීරණය කර තිබිණි .
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  සහ දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින් පිරිස ඒ අනුව විෂබීජ හරණය කිරීම සදහා ඉදිරිපත්වී සිටියහ .
 
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අලුයම 2 පමණ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට වූහ.
 
පසුව විෂ බීෂබීජහරණය සිදු කරමින් සිටියදී  අලුයම  ඇතැම් ව්‍යාපාරිකයන් සිය වෙළඳ සැල් විවෘත කොට වෙළඳාම් කටයුතු සිදුකිරීම ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත වාහන නවතා තැබීම සිදු කිරීම  තැන රංචු ගැසී මිලදී ගැනීම සදහා පොරකෑම නිසා මෙම විෂබීජහරණය කරගැනීමට නොහැකි විය.
 
පොලිස් විශේෂ කාර්ය බලකායේ ඉහළ නිලධාරීන් වෙළඳසැල් හිමියන්ට දැඩි ලෙස අවවාද කරන්නට වූයේ මෙම ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමට මත්තෙන් විෂබීජහරණය කිරීමට ඉඩහසර ලබා දෙන ලෙස ඉල්ලමිනි.
 
එහෙත් ඇතැම් ව්‍යාපාරිකයෝ පරුෂ වචනයෙන් බැන වැදිනි . මධ්‍යස්ථානයේ ඇතැම් ව්‍යාපාරිකයන් ගේ සහයෝගය නොලැබීම හේතුවෙන් නිසියාකාරව විසබීජහරණය කර ගැනීමට නොහැකි විණි.
 
විශාල ජනතාවක් එක් රැස් වන මෙවැනි ස්ථාන ආරක්ෂා කර ගැනීම රටේ ම ආරක්ෂාව බව  පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි  සඳහන් කරන්නට වූහ.
 
එහෙත් ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයෝ කිසිදු තැකීමකින් තොරව අලුයම් කාලයේ මේ ආකාරයෙන් හැසිරීම නිසා මුළු රට ම අවදානම් තත්ත්වයකට පත්වන බවද බවත් පොලීසිය පෙන්වා දෙති.
 
එමෙන්ම මෙදින අලුයම වනවිට ඉතා විශාල එළවලු ලොරි ප්‍රමාණයක් ලැබී තිබුණු අතර එළවලු මිලදී ගැනීම සදහා විශාල වෙළෙන්දෝ ප්‍රමාණයක් පැමිණ සිටියහ .බොහෝ දෙනකු අලුතින්ම එළවලු වෙළදාම ආරම්භ කළ පිරිස නිසා වෙළදපලක හැසිරීම නොදැන ලාබය පදනම් කරගෙන පමණක් ඔවුන් හැසිරෙන්නට වූ බව පොලිසිය කියයි ,
 
මෙදින එළවලු බොහොමයක් දඹුල්ලේ තොග පාලන මිලට අලවි වූ අතර ඇතැම් එළවලු වර්ග පාලන මිලටත් වඩා පහල මිලකට  අලෙවි වූහ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ දඹුල්ල කඳවුරේ අණදෙන නිළධාරීවරයා කියා සිටියේ බාධා කිරීම පිළිබඳව වහාම මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කොරෝනා වයිරසය මර්දනය කිරීමේ මෙහෙයුම් කණ්ඩායම හමුවේ මේ බව  දැනුම් දෙන බවය.