(නිමල කොඩිතුවක්කු)
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 300 කට අධික පිරිසක් නවදිල්ලියේ පිහිටි මහාබෝධි මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා සිටින බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ඔවුන් සදඟා අවශ්‍ය ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1200 ක් පමණ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඔවුන් ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීමෙන් නවදිල්ලි සහ චෙන්නායි නුවර පිහිටි මහාබෝධි මධ්‍යස්ථානය හරහා සම්බන්ධ කරගනිමින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවද හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දඹදිව වන්දනාකරුවන් 300 ක් මහාබෝධි මධ්‍යස්ථානයේ
Champa Wednesday, 18 March 2020 05:12 PM
හැමෝටම දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා.
විජිත් Wednesday, 18 March 2020 05:22 PM
හොර දේශපාලුවන්ගේ දරුවන්, නෑයන් එංගලන්තයේ සිට හදිස්සියේම ගෙන්න ගත්තාවගේ මේ අපේ රටේම ජනතාව ගෙන්නා ගැනීමට ආණ්ඩුවට හදිස්සියක් නැහැ නේද...? ඡන්දෙ ඉල්ලාගෙන රටේ මිනිස්සුන් හමුවෙන්නට එන්නේ රෙදි ඇඳගෙනද..? තවමත් මොවුන්ගේ ඉඳුල් කන ගෝත්‍රිකයින් ඉන්නවද.?
amila perera Thursday, 19 March 2020 12:45 AM
සහතික ඇත්ත විජිත්. ඔයා කියන ඔය දේශපාලුවන්ගේ දරුවන් දැන් දියතලාවේ වෙනම බංගලාවල ඉන්නේ. කටුනායක ඉඳලා ඔය කියන කට්ටියව දියතලාවට ගෙනගියේ හෙලිකොප්ටරයකින්. මට නම් මේ අය ගැන මහා පිළිකුලක් තියෙන්නේ. ඔයා කිව්වා වගේ හොර දේශපාලකයින්ගේ ඉඳුල් කන වහල්ලුන්ට නම් මේවා මැජික් වගේ. ලෝකය ගැන දන්නේ නැති මෝඩයින් ඉන්නතාක් කල් පල්හොරු රට හොරා කනවා.
senevi Wednesday, 18 March 2020 06:37 PM
ඇත්තටම රටේ විනිමය වියදම් කර හොර වන්දනා නඩ කාරයන්ගේ ගැට වලට අසුවෙමින් මේ යන ගමනින් ඇති ප්‍රයෝජනය කුමක්ද?
Bamunuarachchi Thursday, 19 March 2020 02:01 AM
මේ ගොල්ලෝ පින් රැස් කරගෙන රටට පව්දෙනවා ...
jayath Thursday, 19 March 2020 02:25 AM
මේ මිනිස්සුන්ට මොලයක් නැත්ද මන්දා...? මේ වෙලාවේ මොන මගුලකට ඔය වගේ ගමන් යනවද? ඇදහීම් වලින් කොරෝනා හොඳකරන්න බැහැ. මොනම ආගමකටවත් එ්ක කරන්න බැහැ.
jayasekaraThursday, 19 March 2020 03:50 AM
ඔල මොට්ටල කතා කියන්න එපා.. මේ නඩගිහින් තියෙන්නේ තහනම් කරන්න කලින්...
ChampaThursday, 19 March 2020 04:18 AM
ඒ මිනිස්සුන් වන්දනාවේ යන්න ඇත්තේ කොරෝනා ගැන දැන ගන්න ඉස්සෙල්ලා බව තේරෙන්නේ නැත්ද? ආණ්ඩුව එකපාරට නින්දෙන් ඇහැරලා කොරෝනා ගැන කියන්න අරන් සතියයි. කලින් කියල තිබ්බ නං මිනිස්සු පරිස්සම් වෙනවනේ. සමහරු තමන්ගේ දෙමව්පියන්ට දෙන තෑග්ගක් විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන්න සලස්වනවා. මේ විදිහට ඉන්දියාවේ වන්දනාවේ යන්නේ වැඩිහිටියන්. ඒ හින්ද ඔබ ඔහොම කතා කරන එක වැරදියි. පුළුවන් ඉක්මනට මේ පිරිස ලංකාවට ගෙන්වා ගන්න එක රජයේ යුතුකමක්.
jayasekaraThursday, 19 March 2020 06:29 AM
චම්පා, සහතික ඇත්ත..... මමත් දඹදිව වන්දනාවේ ගියා මිට අවුරුදු 03 ට කලින්. හරිම ශ්‍රද්දවෙන් අමාරුවෙන් මුදල් හොයාගෙන යනගමනක්. ඔය කියන එක ඇත්ත සමහර අම්මල තාත්තල මේ ගමන යන්නේ දූ දරුවන් දෙන තෑග්ගක් වශයෙන්...
සුනිමල් පෙරේරා Thursday, 19 March 2020 03:34 PM
නිකම් බොරුවට කෑ ගහන්න එපා. මේ අය ඉන්දියාවට ගිහින් තියෙන්නේ මාර්තු 5 වෙනිදා. ඒ කියන්නේ මුළු ලෝකයේම කොරෝනා හොඳටම පැතිරුණ වෙලාවේ. මේ කට්ටිය ඉල්ලගෙන කාලා තියෙන්නේ.
anurasiri Thursday, 19 March 2020 03:36 PM
යයත් ඔබ හරි. මේගොල්ලෝ වන්දනාවේ ගිහින් තියෙන්නේ කොරෝනාවලින් ලෝකය ගිනි අරන් තියෙද්දියි.
jayath Thursday, 19 March 2020 09:08 AM
මෙයාලා ගියෙ කොරෝනා අනතුරු ඇඟවීමට කලින් නම් මගේ කමෙන්ට් එකේ මුල් කොටස මම ඉල්ලා අස්කරගන්නවා නමුත් දෙවන කොටස නම් හැමදාම වලංගුයි