(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට ගිය සමෘද්ධි නියාමකවරයකුට පහරදීමක් සිදුකර ඇතැයි නාඋල පොලිසිය කියයි.
අද (03) පස්වරු පහට පමණ නාඋල - අඹන ප්‍රදේශයේ දී පහරදීම සිදුව තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති කොරෝනා ව්‍යවසන තත්ත්වය හේතුවෙන් අසරණභාවයට පත්වු පිරිස් සදහා ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාදීම සදහා ගිය අවස්ථාවක දී සමෘද්ධි නියාමකවරයාට පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ කාන්තාව සමෘද්ධි බැංකුවෙන් කලින් ලබාගත් ණය මුදලක් නිසි පරිදි ගෙවීම පැහැර හැර ඇති අයෙක් බවත්,ඇයට රුපියල් 5000 ලබාදීම සදහා ඉහළ නිලධාරින්ගේ උපදෙස් ලබාගත යුතු බවත් සිද්ධියට මුහුණ දුන් සමෘද්ධි නිළධාරිවරයා සදහන් කර තිබේ.
කෙසේ වෙතත් ඉන් සෑහීමට පත්නොවු අදාල සිද්ධිය සිදුවු ස්ථානයේ රැදි සිට පිරිසක් තමන්ට පහරී දී තුවාල සිදුකළැයි සමෘද්ධි නියාමකවරයා නාඋල පොලිසියට පැමිණිලි කර ඇත.
නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යූ.පී.ජි.කේ.රත්නායක මහතා කියා සිටියේ අද (03) පස්වරැවේම අදාල සැකකරැවන් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාකරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
මේ ආත්මේ දුප්පත්වෙලා ඉන්නේ ඉහත ආත්මේ මේ වගේ නගර පෙන්නපු හින්ද වෙන්න ඇති. දුප්පත් කම කියන්නේ නිකම් ඉන්න නොමිලේ දේවල් ගන්න සහතිකයක් කියල අපේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නවා වගේ නේද? උත්සාහය කියන දේ ගෑවිලාවත් නැහැ.
අර එනවා කිව ජංගම අහර මලු බෙදාදීමේ රථ අවේ නැති නිසා , බඩගින්න වැඩිවෙලා උරුජුවල් නැගල සමුර්ධි නියාමකව අල්ලාගෙන කන්න හිතෙන්න ඇති , ඕව එච්චර ගණන් ගන්න එපා , මේවගේ සති කිහිපයක් ගෙදරට කොටුවෙලා හාමතේ ඉන්න කොට කේන්තියාම , නොරුස්සන ගතිය ඇතිවෙන්න පුළුවන්...
ඕන නැති කතා කියලා කට කපා ගන්න එපා හරිද...?
රජයේ සහන ගැන රජයේ නිලධාරීන්ටවත් හරියට උපදෙස් ලැබිල නැති බවයි පේන්නේ. රටටම කිව්ව විදිහට ආණ්ඩුව මේ දෙන්නේ විශේෂ කොරෝනා සහනාධාරයක්. ඒ හින්ද ගත්ත ණය ගෙව්වද නැත්ද කියන එක මේකට අදාළ නැහැ. ණයක් දෙනකොට විතරයි කලින් ගත්ත ණය ගෙවලද නැත්ද බලන්නේ. විශේෂ සහනාධාරය මම දන්න විදිහට ණයක් නොවෙන නිසා අතුරු කාරණා බලපාන්නේ නැහැ. තමන්ට හමු වෙන්න වෙලා තියෙන්නේ බඩගින්නේ සහ කොරෝනා හැදෙයි කියල බයේ ඉන්න මිනිස්සු කියල නිලධාරියොත් මතක තියා ගන්න ඕනේ. ආණ්ඩුව මේ සහනාධාරය ගැන පැහැදිලි විස්තරයක් දෙන්න එපෑය කලින්ම.
කවුද කියන්නේ? මේ දෙන්නේ සහනයක් කියල. මේක ණයක්.