(ඉන්දිකා රාමනායක)

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා  ඇදිරිනීතිය උල්ලංඝණය කළ 6247 දෙනෙක්   අද (29) දහවල් වනවිට  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම කාලය තුළ  වාහන 1533  ක්  අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
 
2020.03.29 දින සවස 6.00 සිට  දින දහවල් 12  දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 206   දෙදෙනෙක්  අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 56 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් පවසයි.