(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාත තුළ මේ වනවිට පුද්ගලයින් 1572 දෙනෙකු නිවෙස්වලට වී ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ 609දෙනෙකු, මාතර දිස්ත්‍රික්කය තුළ 383 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ 580 දෙනෙකු දැනට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදි කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැකකරන රෝගීන් 150 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබු බවත්, දැනට රෝහල් ගතව සිටින්නේ 7 දෙනෙකු පමණක් බවද ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම රෝගින්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ රෝගීන් දෙදෙනෙකු බවත් ඉන් එක් අයෙකු විදේශිකයකු බවද ආණ්ඩුකාරවරයා පවසයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල තුළ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුල කොරෝනා වයිරසය ආසාදිත වි ඇති බවට සැකපිට රෝගින් 110 දෙනෙකු රෝහලේ විශේෂ ඒකකයේ ප්‍රතිකාර ලැබු අතර ඒ අයගෙන් දැනට රෝහල්ගතව සිටින්නේ 7 දෙනෙකු පමණක් බවත් සෙසු අයට වයිරසය ආසාදනය නොමැති බවට තහවුරුවීමෙන් පසු නිවෙස්වලට පිටත්කොට යවා ඇති බවද ආණ්ඩුකාරවරයා පැවසීය.
හම්බන්තොට රෝහලේ කොරෝනා වයිරසය ආසාදිත වි ඇති බවට සැකපිට රෝගින් 33 දෙනෙකු ප්‍රතිකාර ලැබු බවත් පරික්ෂණවලදි එම රෝගින්ට වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ පසු නිවෙස්වලට පිටත්කර යවා නිවෙස්වලට වී ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දකුණු පළාතේ 1572ක් ස්වයං නිරෝධායනයේ