IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


දකුණු කොරියාවේ සුව වූ පිරිසකට නැවත කොරෝනා ආසාදනය වෙලා

කොවිඩ් -19 ආසාදනය වී සුව වූ රෝගීන්ගේ සිරුරු තුළ යළිත් වතාවක් වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් පෙන්වන බව දකුණු කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව තහවුරු කර ඇත්තේ එම රටේ කොවිඩ් -19 ආසාදනය වී සුව වූ පුද්ගලයන් 91 දෙනකු යළි කොවිඩ් - 19 ආසාදිතයන් බව තහවුරුවීම  හේතුවෙනි.

රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජියොන් යුන්-කියොං මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ මෙම පුද්ගලයන් යළි කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇත්තේ අලුතෙන් වයිරසය ශරීරගතවීමෙන් නොව සිරුරේ අක්‍රියව තිබූ ‍වයිරස යළි සක්‍රීය වීමෙන් බවයි.

''මේ ගැන වසංගත රෝග විද්‍යා පරික්ෂණ තවමත් සිදුකරමින් තිබෙනවා. මේ ප්‍රවණතාව පිටුපස ඇත්තේ කුමක් ද යන්න තවමත් පැහැදිලි නැහැ." ඔහු පවසයි.

කෙසේ වෙතත් වයිරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සිරුරේ වසංගතය ඇතිවීම වැළැක්වීමට ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් වර්ධනය වනු ඇතැයි බොහෝ රවටල වෛද්‍ය විද්‍යා පර්යේෂකයෝ සහ බලධාරීහ් බලාපොරොත්තු තැබූහ. නමුත් වයිරස ආසාදනය වි සුවවූ පුද්ගලයන් මෙලෙස යළි වයිරස ආසාදිතයන් බවට පත්වීම පිළිබඳ සමස්ථ ලෝකයේ ම දැඩි අවධානයක් යොමුව පවතී.

දකුණු කොරියාවේ සුවය ලැබූ රෝගීන් අතරින් යළි වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 51 දෙනකු සඳුදා දිනයේ දී පමණක් වාර්තා වී තිබිණි.

සිකුරාදා(10) මෙම මාධ්‍ය හමුවේ මෙම තොරතුරු හෙළිකරන විට දකුණු කොරියාවේ කොවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාව 7,000කට ආසන්න වී තිබිණි.

බෝවන රෝග පිළිබඳ මහාචාර්ය කිම් වූ-ජූ පවසන්නේ යළි ආසාදනය වන පුද්ගලයන් දැනට වාර්තා වී ඇත්තේ 91 වුව ද මේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවයි.

මෙම පරීක්ෂණවල ප්‍රතිඵල දෝෂ සහිත විය හැකි බව වෙනත් විශේෂඥයෝ කියති. වයිරසයේ අවශේෂ හෝ දුර්වලව අඩපණ වූ වයිරස රෝගින්ගේ ස්වසන පද්ධතියේ තිබිය හැකි නමුත් එමගින් ධාරකයාට හෙවත් ආසාදිතයාට යළි අනතුරක් විය නොහැකි බව ද එම විද්‍යාඥයන් ගේ මතය වි ඇත.

හැලිම් විශ්වවිද්‍යාල හෘද රෝහලේ පුප්ඵුසිය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජුන්ග් කි-සුක් පවසන්නේ මෙවැනි තත්ත්වයන් සඳහා විවිධ අර්ථකථන දිය හැකි බවයි. නමුත් සෑම වෙනස් තත්ත්වයක් සඳහා ම රජය ප්‍රතිචාර දැක්විය යුතු බව ද හෙතෙම පවසයි.

මේ වනවිට දකුණු කොරියාවේ වයිරස ආසාදිතයන් 6,807ක් වාර්තා වී තිබේ. සිකුරාදා වාර්තා වූ නව රෝගීන් සංඛ්‍යාව 27කි. මියගොස් ඇති රෝගින් සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් පිටත දී ප්‍රථම වතාවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වූ නගරය වූයේ දකුණු කොරියාවේ ඩේගු නගරයයි. පෙබරවාරි අග සිට එම නගරයෙන් රෝගීන් වාර්තාවීම නතර විය. එසේ වුව ද කොරියාවෙන් වාර්තා වී ඇති රෝගින්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ ඩේගු නගරයෙනි. ඩේගු නගරයේ දේවස්ථානයක පැවැති දේව මෙහෙයක දී ‍වයිරසය පැතිරියාම මෙලෙස පුද්ගලයන් විශාල පිරිසකට ආසාදනය විමට හේතු වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. 

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

 



අදහස් (1)

දකුණු කොරියාවේ සුව වූ පිරිසකට නැවත කොරෝනා ආසාදනය වෙලා

rasika Saturday, 11 April 2020 07:01 AM

එදා 1919 උණ මාස 20 ලෝකය පුරාම පැතිරුණා. 2020 උණ පැතිරීම නතර කරන්න මිනිසුන් මාස 3ක් වත් පරෙස්සම් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 729 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 895 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site