IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


තෙරපීමෙන් මියයාම ගැන පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරිය පැමිණෙයි

(නිමන්ති රණසිංහ)

මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසල මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් මිය ගිය කාන්තාවන් තිදෙනා සම්බන්ධව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකිරීම සදහා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් ඇත.
 
සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකර මරණයටන්ට අදාළ පශ්චාත් මරණ පරීක්ණය සිදුකිරීම සදහා මාලිගාවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරිය මේ වන විට එම ස්ථානය වෙත ගොස් තිබේ.

මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පල්ලිය අසල නිවසක පිරිසක් රැස්ව සිටින බවත් එය අසල්වාසීන්ට හිරිහැරයක් බවත් සදහන් කරමින් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 දුරකතනය වෙත ලද පණීවිඩයකට අනුව සෝදිසියක් සදහා පිටත්ව ගොස් තිබූ බවත්, එහිදී එම ස්ථානයේ රැදී සිටි පිරිස අධික වීම හේතුවෙන් තෙරපීමකට ලක්ව කාන්තාවන් තිදෙනකු මියගොස් ඇති බවත් මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
 
යම් පුද්ගලයකු, නෝම්බි උපවාසය හේතුවෙන් ඇදිරි නිතිය ක්‍රියාත්මක කාලසීමාවේදී නිසි අවසරයක් තොරව නිරෝධායන නිති උල්ලංඝණය වන අයුරින් මෙම ස්ථානයේ දී මුදල් බෙදා දී ඇති බව ද මාලිගාවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ලක්සිත සෙවණ මාලිගාවත්ත කොළඹ 10 පදිංචිව සිටි උමා අකිලා (62), ජුම්මා මස්ජිඞ් පෙදෙස, මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆවුසියා නීසා (59) සහ ලක්සිත සෙවණ මාලිගාවත්ත පදිංචිව සිටි මොහොමඞ් ෆරීනා මුසම්මිල් (68) නැමැති කාන්තාවන් බවද මාලිගාවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.



අදහස් (5)

තෙරපීමෙන් මියයාම ගැන පරීක්ෂණයට මහෙස්ත්‍රාත්වරිය පැමිණෙයි

Gamini Thursday, 21 May 2020 12:17 PM

අරාබියෙන් ආපු සල්ලිද බෙදුවේ...? ඒ ගැන විමර්ශනයක් කරාවිද?

:       158       73

සංජීව Thursday, 21 May 2020 02:02 PM

තව හොඳට අවුස්සන්න. පස්සේ බැරියැ පන්සල් යන්න...

:       1       0

SahanFriday, 22 May 2020 06:06 AM

කුහකකම තමයි ඔලුවේ තියෙන්නේ... අරාබියෙන් නෙවෙයි මොන දීපංකරේකින් හරි සල්ලි ලැබිලා ඒවා මහජනතාවට ලැබෙනවා නම් ලොකුදෙයක්... එහෙම නැතුව සල්ලි ලැබිලා තියෙද්දී සල්ලි ලැබුනේ නැහැ කියලා මිනිස්සුන්ව රවටන ආණ්ඩුවලට වඩා හොඳයි. දුන්නු ක්‍රමය තමයි වැරදි...

:       1       51

gamlathFriday, 22 May 2020 06:08 AM

ඔව්, රටේ ප්‍රධාන ආදායම් මාර්ගය අරාබි සල්ලි තමයි... අපේ අම්මලාව රට පටවලා තමයි අපි හම්බ කරන්නේ... එතකොට අරාබි සල්ලි හොඳයි...

:       0       25

athula Thursday, 21 May 2020 12:32 PM

මෙන්න කදිම උදාහරණයක්... රටේ දුගී බව පෙන්වාදෙන පාලකයින් ඉතාම ධනවත්... ජනතාව හිඟන්නන්... ඉතින් රට සෞභාග්‍යයිලු...

:       97       222

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 38 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site