(විනීතා එම් ගමගේ)
ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම සදහන් කළේය.
ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප‍්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක‍්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද ගජනායක මහතා කියා සිටියේය.
දැන්වත් නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ගජනායක මහතා පෙන්වා දුන්නේය.
COMMENTS
තවත් පොකුරක් බලාපොරොත්තුවන්න.
එයාගේ පියා මේ මැරිලා ඉන්නේ. (ඔහු ඇමති කෙනෙක්) . එයාලටත් බැරිනම් කාටද පුළුවන්? මහත්තයෝ මේක ලංකාව. බලය තියනකොට හැමෝම ඔහොම තමා. මේවා බලන් ඉන්න බැරිනම් ඇස පියාගන්න. අපේ රටේ නැවත දුටුගැමුණු රජතුමා ආවත් නිකන් “හිටන්ම “ තමා . අපි අවංක නොවී පාලකයෝ කොහොමද රට හදන්නේ? මුලින්ම අපි වෙනස්වෙමු.
මේ අපේක්ෂකයා පමණක් නොවෙයි.අවමඟුලට ආව බොහෝ අය නිරෝධායන නීති උල්ලංඝනය කරා. ඒත්, මේ කෙහෙල්මල් වරප්‍රසාද නිසා ඒ අයට විරුද්ධව කිසි දෙයක් කරන්න පොලීසියට බැහැ. මෙවන් රටක කුමකටදෝ නීතිය සහ විනිසුරන්...
නිරෝධායන නීති තුට්ටුවකට තකන්නේ නැහැ. මේවා කියන්න ගියොත් ඉතින් පොලිසියට අම්මා මතක් කරලා එවයි. පොලීසියත් නිකන් පාරේ ඉන්නවා වගේ. මේක දෙමළුන්ට ගිය රටක් වුණා.
මෙය ඉදිරි පෙල සෞඛ්‍ය කාර්ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ රටේ සමස්ථ මහ ජනතාව ඉහළ කැපවීමකින් විශාල අවධානමක් ගනිමින් දින ගණනාවත් නිවෙස් තුළට වී ඉමහත් කැපවීමකින් කොරෝනා මර්ධනයට ගත් උත්සාහයට ගැසූ නූගත් දේශපාලුවන්ගේ කනේ පහරකි. නිරෝධායන නීතිරීති වලට අනුව මේ සියළු බල බලපුළුවන්කාරයින් හෝ අඩුම තරමේ වෙනත් කිසිවෙකුවත් අත්අඩංගුවට පත් නොවන බව විශ්වාසයි.
අපේ අජිත් රෝහණ මහතා නිවාඩුද? මෙතරම් නිරෝධායන නීති කැඩෙනවා පොලිසියට පේන්නේ නැද්ද? නැතිනම් තොන්ඩමන් ආණ්ඩුවේ නිසා විරුද්ධව මොනවත් කරන්න පොලිසිය බයද?
කෝ මේ අජිත් රෝහණ? අනේ පව්...!!!
පිස්සු තද වෙලා... පෝය ලඟයිනේ. මේ අය හිටපු උන්ටත් හපන්...
නීතිය දේශපාලකයින් හමුවේ නිවැරැදිව සකස් විය යුතුයි..
වතුකරයට තිබෙන්නේ තොණ්ඩමන්ලාගේ අාධිපත්‍යය... එහෙ ඔවුන්ට ඕනේ දෙයක් කරන්න පුළුවන්... කොරෝනා නීති අදාල වෙන්නේ මධ්‍යම පාන්තික අපට සහ ඔබට පමණි.. දේශපාලක උත්තමයන් සහ ඔවුන්ගේ පවුල් වලට... අාධාර කාරයින්ට මේවා අදාල නැත.
පුදුමයි, මේ මරණයට පමණක් අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන නීතිරීති කිසිවක් වලංගු වුණේ නැහැ. දැන් දින කීයක් මෘත දේහය අනාරක්ෂිතව ප්‍රදර්ශනය කළාද? ඒ මදිවට එක තැනක විතරද? ආණ්ඩුවෙ පොඩි ඇදයක් අල්ලගෙන යකා නටන අපේ විපක්ෂයේ ජන බලවේගත් ඇටි කෙහෙල් කෑ උගුඩුවො වගෙයි, ඒත් ඇත්තයි.