(අනීෂා මානගේ)
කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට තංගල්ල බලා නාවික හමුදා නිලධාරින් පිරිසක් සමඟ පැමිණි බස් රථයක සිටි නිලධාරියකු ඉකුත් 22 වැනිදා තංගල්ල නගරයේ බස් නැවතුම්පොළෙහි උඩුමහළෙහි පිහිටි “ෆියුචර් කැෆේ කමියුනිකේෂන් සහ බෝගහවත්ත කමියුනිකේෂන් යන ජංගම දුරකතන අලුත්වැඩියා කරන ආයතන දෙකට ගොස් ඇතැයි අනාවරණය වී ඇති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.
එලෙස පැමිණි නිලධාරියා ඊයේ(24) දිනයේදී කොවිඩ් -19 ආසාධනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන තිබීම හේතුවෙන් ඉකුත් 22 වැනිදා සිට 24 දක්වා කාලය තුළ එම ජංගම දුරකතන අලෙවිසැල් දෙකට ගමන් කළ සියලුම දෙනාට රෝග බෝවීමේ අවධානමක් ඇතැයිද වෛද්‍ය ගජධීර මහතා කියයි.
මේ හේතුවෙන් එලෙස පැමිණි යම් අයෙක් වෙතොත් වහාම තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තංගල්ල බස්නැවතුම්පොළ උඩුමහලේ දුරකතන අලෙවිසැල් දෙකකට ආ අය සොයයි