ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 514 ක (යෙන් ට්‍රිලියන 56) ක සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කරයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය මුහුණ දුන් ‘‘විශාලතම අභියෝගය’’ කොරෝනා වසංගතය යැයි ද ඉන් ආර්ථිකයට සිදුව ඇති හානිය ඉතා විශාල යැයි ද හෙතෙම කීය.
ඊට අදාළ ලියකියවිලි මේ වනවිට සකස් කරමින් සිටින බවත් මුදල් හා මූල්‍ය සහ බදු ප්‍රතිපත්තිවලට අදාළව රජය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා කීය.
මෙම සහන පැකේජය 2009 මූල්‍ය අර්බුදය අවස්ථාවේදී රජය ලබාදුන් සහන පැකේජයේ ප්‍රමාණය ද ඉක්මවා යන බව ජපාන අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
මෙම සහන පැකේජයට අදාළ ලියකියවිලිවලට අඟහරුවාදා අවසරය ලැබෙනු ඇතැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ද ගාඩියන්/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ශ්‍රී ලාංකිකයො කවදද? එතනට යන්නෙ මේ දේශපාලුවෝ නිසා ...