
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ඇමෙරිකානු ජනපතිවරයාගේ වදන් හැසිරුවීම සම්බන්ධයෙන් කනස්සලට පත්වන බවද, ඇමෙරිකාව මේ අවස්ථාවේ වයිරසයට පාලනය කිරීමට පියවර ගනිමින් තමාගේ වැඩක් බලාගෙන සිටීම මිස චීනයට දොස් පැවරීම යුතු නොවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී මහජනයා අමතමින් වයිරසය මැඩලීමට උපදෙස් ලබා දීමෙන් පසුව සිය ට්විටර් ගිණුමෙහි මෙලෙස ප්‍රකාශයක් සටහන් කර තිබිණි.
“මේ චීන වයිරසය නිසා බලපෑමට ලක්වූ ගුවන් සමාගම්, කර්මාන්තශාලා ඇතුළු අනෙකුත් සේවා අවශ්‍ය ස්ථාන වෙනුවෙන් ඇමෙරිකාව හැකි උපරිම සහයෝගය ලබාදෙනවා. අපි වෙන කවදාටත් වඩා ශක්තිමත් වෙනවා!” යැයි එම ප්‍රකාශයේ දැක්විණි.
වයිරසය පිළිබඳව සඳහන් කිරීමේදී, චීනය හෝ වූහාන් නගරය හෝ සම්බන්ධ කරමින් අපහාසාත්මක හෝ විවේචනාත්මක ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට උපදෙස් ලබා දී තිබූ අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන ජනතාව ද ඇමෙරිකානු ජනාධිපතිවරයාට විරෝධය පළකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දැන් ඇත්ත එළිවේගෙන එනවා.
අවඥාසහගත වදන් නෙමේ කතාව ඇත්තනේ . මේ ජරා වවුල්ලු සුප් බිල නයි මස් කාල වයිරසයක් හදාගත්තේ කොයි ජාතියද. අන්තිමේ මරණයත් මේ ඩ් ඉන් චයිනා වුණා.
ට්‍රම්ප් කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.
චීනුන්ට බනින්නේ නැතුව කුමක් කරන්නද? චීන්නු මස් මාංශ විකුණන ජනාකීර්ණ වෙළඳපලක් අසල පරීක්ෂණාගාරයක වයිරස් පිළිබඳව පරීක්ෂණ කරන්න ගිහින් වයිරස් එක ලීක් වුණු නිසා සහ මුලින්ම රෝගය ගැන විස්තර සඟවපු නිසා තමයි මේ සියලු ප්‍රශ්න... සංඛ්‍යා ලේඛන පිළිබඳව අදත් චීනය කියන්නේ බොරු. ඒ මදිවට කිසිම වාරණයක් නැතුව චීන්නු ලංකාවට එනවා. අපේ රටේ නැති වුණාට, චීන්නු කරපු විනාශය ගැන කෙලින් කතාකරන නායකයින් වෙන රටවල සිටිනවා..
චීනයේ වරදින් දුර්වල සනීපාරක්ෂක ක්‍රම නිසා ලෝකයට වූ මේ පාඩුවට චීනයෙන් අලාබ වන්දි ඉල්ලීම සාදාරනයි.
ඉස්සරනම් කිව්වේ සුද්ද වගේ වැඩ කරමු කියලා. කොහෙද දැන්?
එයා කොහොමත් එහෙමනේ...