IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ට්‍රම්ප්ගේ අවඥාසහගත වදන් භාවිතයට චීනයේ විරෝධය

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ට්විටර් ගිණුමෙහි චීනය අවඥාවට ලක්කරමින් පළ කළ සටහන බීජිංහි පාලකවරුන් හෙළා දකින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඇමෙරිකානු ජනපතිවරයාගේ වදන් හැසිරුවීම සම්බන්ධයෙන් කනස්සලට පත්වන බවද, ඇමෙරිකාව මේ අවස්ථාවේ වයිරසයට පාලනය කිරීමට පියවර ගනිමින් තමාගේ වැඩක් බලාගෙන සිටීම මිස චීනයට දොස් පැවරීම යුතු නොවන බවද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ ධවල මන්දිරයේදී මහජනයා අමතමින් වයිරසය මැඩලීමට උපදෙස් ලබා දීමෙන් පසුව සිය ට්විටර් ගිණුමෙහි මෙලෙස ප්‍රකාශයක් සටහන් කර තිබිණි.
 
මේ චීන වයිරසය නිසා  බලපෑමට ලක්වූ  ගුවන් සමාගම්, කර්මාන්තශාලා ඇතුළු අනෙකුත් සේවා අවශ්‍ය ස්ථාන වෙනුවෙන් ඇමෙරිකාව හැකි උපරිම සහයෝගය ලබාදෙනවා. අපි වෙන කවදාටත් වඩා ශක්තිමත් වෙනවා!” යැයි එම ප්‍රකාශයේ දැක්විණි.
 
වයිරසය පිළිබඳව සඳහන් කිරීමේදී, චීනය හෝ වූහාන් නගරය හෝ සම්බන්ධ කරමින් අපහාසාත්මක හෝ විවේචනාත්මක ආකාරයේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලට උපදෙස් ලබා දී තිබූ අවස්ථාවක මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන ජනතාව ද ඇමෙරිකානු ජනාධිපතිවරයාට විරෝධය පළකර ඇත.
 



අදහස් (7)

ට්‍රම්ප්ගේ අවඥාසහගත වදන් භාවිතයට චීනයේ විරෝධය

නන්නාදුනන හාදයා Tuesday, 17 March 2020 09:03 AM

දැන් දැන් ඇත්ත එළිවේගෙන එනවා.

:       0       0

Nuwan Tuesday, 17 March 2020 09:07 AM

අවඥාසහගත වදන් නෙමේ කතාව ඇත්තනේ . මේ ජරා වවුල්ලු සුප් බිල නයි මස් කාල වයිරසයක් හදාගත්තේ කොයි ජාතියද. අන්තිමේ මරණයත් මේ ඩ් ඉන් චයිනා වුණා.

:       0       0

Kamal Tuesday, 17 March 2020 09:15 AM

ට්‍රම්ප් කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.

:       0       0

de silva Tuesday, 17 March 2020 09:26 AM

චීනුන්ට බනින්නේ නැතුව කුමක් කරන්නද? චීන්නු මස් මාංශ විකුණන ජනාකීර්ණ වෙළඳපලක් අසල පරීක්ෂණාගාරයක වයිරස් පිළිබඳව පරීක්ෂණ කරන්න ගිහින් වයිරස් එක ලීක් වුණු නිසා සහ මුලින්ම රෝගය ගැන විස්තර සඟවපු නිසා තමයි මේ සියලු ප්‍රශ්න... සංඛ්‍යා ලේඛන පිළිබඳව අදත් චීනය කියන්නේ බොරු. ඒ මදිවට කිසිම වාරණයක් නැතුව චීන්නු ලංකාවට එනවා. අපේ රටේ නැති වුණාට, චීන්නු කරපු විනාශය ගැන කෙලින් කතාකරන නායකයින් වෙන රටවල සිටිනවා..

:       0       0

kamal Tuesday, 17 March 2020 09:39 AM

චීනයේ වරදින් දුර්වල සනීපාරක්ෂක ක්‍රම නිසා ලෝකයට වූ මේ පාඩුවට චීනයෙන් අලාබ වන්දි ඉල්ලීම සාදාරනයි.

:       0       0

dilan Tuesday, 17 March 2020 09:56 AM

ඉස්සරනම් කිව්වේ සුද්ද වගේ වැඩ කරමු කියලා. කොහෙද දැන්?

:       0       0

Donald Tuesday, 17 March 2020 10:03 AM

එයා කොහොමත් එහෙමනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site