ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කළ නොහැකි බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් (අමාත්‍ය) ඩොමිනික් රාබ් අද (11) ප්‍රකාශ කළේය.
අත්‍යවශ්‍ය නොවන ජූනි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් අනෙකුත් අංශ ජූලි මාසය වනතුරු විවෘත කිරීමට නොහැකි බවත් හෙතෙම කීය.
‘‘අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු, පාසල් විශේෂයෙන්ම ප්‍රාථමික පාසල් යනාදිය ජූනි මාසය වනතුරු විවෘත කරන්න බැහැ. විවෘත කළත් ඒ කරන්න වෙන්නේ කොන්දේසි සහිතව’’ යැයි ඩොමිනික් රාබ් කීය.
‘‘ජූලි 4 වැනිදා දක්වා අනෙකුත් අංශ කිසිවක් විවෘත කරන්න බැහැ. විවෘත කළොත් ජනතාව එකතු වෙනවා.
සමාජ දුරස්ථභාවය පවත්වාගන්න අමාරුයි. ඒ නිසා ජූලි 4 වැනිදා තෙක් කිසිවක් විවෘත කරන්න බැහැ. ජූලි 4 වැනිදා වනවිට හෝ ආර්ථික කටයුතු ආරම්භ කිරීම තමයි අපේ අරමුණ’’ යැයි ද ඔහු කීය.
055
2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජූලි මාසය වනතුරු ආර්ථිකය සම්පූර්ණයෙන් විවෘත කරන්න බැහැ
rana Monday, 11 May 2020 11:22 AM
ඕවා එංගලන්තයේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපි ජුලි වෙනකොට චන්දයත් පවත්වලා අහවරයි.
de silva berlin Monday, 11 May 2020 11:32 AM
යුරෝපයේ අනෙකුත් රටවල් සමග සන්සන්ධනය කරනකොට එංගලන්තේ තිබෙන්නේ ඉතා දුර්වල සෞඛ්‍ය සේවාවක්. 30000 වැඩි සංඛ්‍යාවක්. කොරෝනා නිසා මැරිලා සුවවෙලා තිබෙන්නේ 5000 කට අඩු සංඛ්‍යාවක්. රට සම්පුර්ණයෙන් ඇරලා රෝගීන් ගණන වැඩි වුනොත් එම තත්වය එහෙ සෞඛ්‍ය සේවාවට දරාගන්න බැරිව තව මනුෂ්‍යයෝ 50000-100000 විතර සංඛ්‍යාවක් මියයන්න පුළුවන් බවට අනතුරු අඟවල තිබෙනවා. එමනිසා ජුලි මාසේ දක්වා රට වහලා තබන එක නිවැරදි තීරණයක්.