ජර්මනියේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 52,547ක් දක්වා වැඩි වී ඇතැයි ද එරටින් වාර්තා වන මරණ ගණන 389ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට රොබට් කොක් ආයතනය අද (29) සඳහන් කළේය.
පෙර දිනය හා සැසඳීමේදී ආසාදිතයන්ගේ ගණන 3,965කින් වැඩි වී ඇතැයි ද කොරෝනා මරණ ගණන 64කින් වැඩි වී ඇතැයි ද එම ආයතනය නිකුත් කළ දත්තවල දැක්වේ.
රොබට් කොක් ආයතනය නිකුත් කළ නවතම කොරෝනා වයිරසය හේතුවෙන් ජර්මනියට මේ වනවිට සිදුව ඇති සම්පූර්ණ බලපෑම් පෙන්නුම් නොකළ බවත් තවත් කලාපීය ප්‍රාන්ත කිහිපයක දත්ත ලැබෙමින් තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
රොබට් කොක් ආයතනය යනු ජර්මනියේ ෆෙඩරල් රජයට අයත් රෝග පාලන හා නිවාරණ පර්යේෂණ ආයතනයයි.
රොයිටර්
055

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.