IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය අද(04) වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 79 හැවිරිදි කාන්තාවක් බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

ඇයට වෙනත් රෝගී තත්ත්වයන් තිබුණු බව ද සඳහන් වෙයි.

කොකේසියාවේ දකුණු දිග පිහිටි රටක් වන ජෝර්ජියාවේ මිලියන 3.7ක ජනගහනයක් වාසය කරන අතර මේ වනවිට කොරෝනා ආසාදිතයින් 157ක් වාර්තා වී තිබේ.

රෝගීන් 28 දෙනෙකු සුවය ලබා ඇත.

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා පසුගිය පෙබරවාරි 26 වනදා වාර්තා වූ අතර ඔහු 50 වියැති පුද්ගලයෙකි.

ඔහු ඉරානයේ සිට අසර්බයිජාන දේශ සීමාව හරහා ජෝර්ජියාවට පැමිණ තිබේ.

ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී තිබිය දී පෙබරවාරි 29 දින සියලුම රජයේ පාසැල් වසා දැමීමට ජෝර්ජියාව කටයුතු කළේය.

මාර්තු 16 වනදා වනවිට රෝගීන් 33 ක් වාර්තා වී තිබුණු අතර ජෝර්ජියානු රජය සීමා දැඩි කිරීමට කටයුතු කළේය.

විදේශිකයන්ට ජෝර්ජියාවට ඇතුළු වීම තහනම් කළ අතර වැඩිහිටි පුද්ගලයන්ට සමූහ රැස්වීම් පැවැත්වීම තහනම් කළේය.

රජය විසින් වයිරසය සම්බන්දව ජනතාව දැනුම්වත් කරමින් සියලුම දුරකථන වෙත විශේෂ කෙටි පණිවුඩයක් බෙදා හරිනු ලැබීය.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ජෝර්ජියාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 459 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site