ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
කොරෝනා වයිරසය පැතිරයාම මැඩලීම සඳහා රජය ගෙනයන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිරයා අද රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
COMMENTS
කොරෝනා ගැන කියන්න නම් සෑහෙන්න පරක්කුයි. ඡන්දෙ තියනවා කියන්න වෙන්නැති.
ඊශ්‍රායලයේ පක්ෂ විපක්ෂ ඔක්කොම එකට එකතුවෙලා කොරෝනාව -කොවිඩ් 19 මැඩලන්න කටයුතු කරනවා කියලා. මෙහෙත් එහෙම බැරිද?
ක්‍රියාවන් මිස කතාවෙන් කොරෝන මැඩිය නොහැක. තද තීරණ උවමනාය , එය බලාන නොවේද 69ක් දුන්නේ නේ ?
ආණ්ඩුවට කොරෝනා. ලොක් ඩවුන් වෙලා ඉන්නේ. තීරණයක් ගන්න බැහැ. හිටපු හමුදාපති මහේෂ් සේනානායක නැති අඩුව ලංකාවටම දැනෙනවා.
කොරොනාවෙන් කිසිවෙකුත් මිය ගොස් නැත. පාස්කු ප්‍රහාරයෙන් 250ක් මියගොස් ඇත. කොරෝනාව සිංගප්පූරුවට මෙන් අපටද එතරම් බලපෑමක් නොවනු ඇත. පාස්කු ප්‍රහාරය සහ මහා බැංකු හොරකම ගැනත් ඔබ ගන්න ක්‍රියා මාර්ගය ගැන දැනුවත් කරන්න.
දැන්වත් මතක් වෙච්ච එක හොඳයි ජාතියක් ඉන්නවා කියලා.
ආපු දවසේ ඉදලා කතාව විතරයි . කරපු වැඩක් නැහැ . බලාපොරොත්තු වුනේ රන් බිත්තරයක් ... හැබැයි ලැබිල තියෙන්නේ ගොම බින්දුවක්
අයියත් කීවා පටි තදකරගන්න කියලා අපි කරා තවම බුරුල් උනේ නැහැ. මල්ල්ලිත් පටි තද කරගන්න කියයිද?
ලංකාවේ කොළඹ සයිට් වල විවිධ රටවලින් ආපු ශ්‍රමිකයින් එක්ක ලංකාවේ පිරිස් යොදවා උපරිම සේවයක් ගන්නවා අවම සනීපාරක්ෂාවක් සපයමින්. එහෙව් එකේ මේ වයිරසය පාලනය කරන්නේ කොහොමද කියල තේරෙන්නේ නැහැ.
ජන්දේ ගැන කියන්න වෙන්න ඇති, ආසියාවේ නායකයෝ කොරෝනා ගැන කතා කරනකොට අපේ අය කතා කලේ ජන්දේ තියන එක.