IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් යොදවා ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 463 (දළ වශයෙන් 835km පමණ) පමණ දුරක සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආවේය.
 
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලං නා නෞ සයුර මගින් පසුගිය 28 (සෙනසුරාදා) දින උදෑසන ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරකදී (දළ වශයෙන් 835km පමණ) මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා තිබිණි.

 මෙම විදේශීය යාත්‍රාව රාජ්‍යක ධජයක් රහිතව (Flag state) ජාත්‍යන්තර මුහුදේ දී නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කල අතර, එහි තිබී අයිස් නම් මත්ද්‍රව්‍ය (Methamphetamine) කිලෝග්‍රෑම් 605 ක ප්‍රමාණයක් ද, මීට පෙර ශ්‍රී ලංකාව තුළ සොයාගෙන නොතිබූ කෙටමින් නම් මත්ද්‍රව්‍ය (ketamine) කිලෝග්‍රෑම් 579 ක් ද සොයාගන්නා ලදී.
 
 තවද එහි බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද ඇති බව වාර්තා වේ. අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) තොගයේ පමණක් වටිනාකම රුපියල් කෝටි 605 ක් බවට ගණන් බලා ඇත.
 
මෙහිදී එම යාත්‍රාවේ සිටි පකිස්ථානු ජාතික සැකකරුවන් 09 ක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
 

මෙම වර්ෂයේ ගතවූ මාස 03 තුළ ජාත්‍යන්තර මුහුදේදී අත් අඩංගුවට ගත් 03 වන විදේශීය යාත්‍රාව මෙය වන අතර, මීට පෙර පෙබරවාරි මස 22 සහ 25 දිනයන්හීදී මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් හා එයින් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ශ්‍රී ලාංකීය ධිවර යාත්‍රාවක් අත් අඩංගුවට ගන්නා ලදි.
 
 එහිදී විදේශිකයින් 16 හා ශ්‍රී ලාංකිකයින් 05 කුත්, මුහුදේදී ප්‍රවාහනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 ක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලදී. තවද 2019 වර්ශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3653 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 762 ක්, අයිස් (Methamphetamine) කිලෝග්‍රෑම් 03 ක් අත්අඩංගුවට ගත් අතර, මෙම වර්ශයේදී මේ දක්වා මාස 03 ක කාලය තුළදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 2339 ක්, අයිස් කිගෝග්‍රෑම් 739 ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 438 ක් සහ කෙටමින් (ketamine) කිලෝග්‍රෑම් 579 ක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
 
ඒ අනුව අද (2020 අප්‍රෙල් 01) දින දික්ඕවිට වරාය පරිශ්‍රය වෙත මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙන එන අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් පැමිණ සිටි අතර, මෙම අවස්ථාව නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ද සහභාගී විය.

 මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් යාත්‍රාව, පකිස්ථානු ජාතික සැකකරුවන් 09 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතව ඇත. මෙලෙස ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය රැගෙන එන යාත්‍රාවන් පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව චන්ද්‍රිකා තාක්‍ෂණය උපයෝගී කරගෙන නිරතුරුවම සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන අතර, මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ විදේශ මෙන්ම දේශීය කොටස්කරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය හා ඒකාබද්ධව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා ඇත.
 
(- නාවික හමුදා මාධ්‍ය අංශය-.)

සබැඳි - මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට

 



අදහස් (0)

ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site