ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. ඉතිහාසයේ පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව අද (18) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
ඉදිරි වසර දෙකක කාලයේදී ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගන්නා ගෝලීය ක්‍රියාමාර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලබාදෙන බව ද චීන ජනාධිපතිවරයා එහිදි කීය.
මේ වනවිට ලොවපුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් යැයි බොහෝ සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාස කරති.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් චීනය සෑම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ බව ද ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා කීවේය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කෙරෙන ‘‘පුළුල් ඇගයීමකට හා විමර්ශනයකට’’ චීනය සිය පූර්ණ සහයෝගය දෙන බව ද හෙතෙම කීය.
චීනය මේ වනවිට වයිරසය පාලනය කර ඇති බව ද ඔහු පැවැසීය.
‘‘චීනය සෑම විටම විනිවිදභාවයෙන් කටයුතු කළා. අපි වගකීම් සහ විවෘත ආකල්පයකින් කටයුතු කළා’’ යැයි චීන ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
ඒ.එෆ්.පී.
(055)
COMMENTS
නයි සුප්, වවුල් සුප් බීලා. බල්ලෝ, පුසෝ කාලා ලෝකෙටම ජරා ලෙඩ බෝකරා.
චීන ජනාධිපති එක්ක ලෝකයේ බහුතරයක් රටවල් ඉන්නවා. ඉතිහාසයේ දරුණුම වසංගතයට ලෝකය මුහුණු දුන්නු වෙලාවේ, මුළු ලෝකයේම සහයෝගය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබිය යුතු වෙලාවේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එතෙක් කල් දුන්න ආධාර කපා හැරලා ඒ සංවිධානය අඩපණ කරන්න හදපු වෙලේ උදව්වට ආවේ චීනේ කියන එක මුළු ලෝකයම මතක තියා ගන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර උපදෙස් වැඩියම අවශ්‍ය වෙන්නේ දුප්පත්, නොදියුණු සහ දියුණු වෙමින් පවතින රටවලට. ඒ හින්ද කොරෝනා වගේ දරුණු වසංගතයක් පවතින වෙලාවක ලෝක සෞඛ්‍ය සංවිධානය කඩා වට්ටන්න ඇමරිකාව උත්සාහ කිරීම හෙලා දැකිය යුතුයි. හැමදාම වගේ දුප්පත්, නොදියුණු සහ දියුණු වෙමින් පවතින රටවල උදව්වට ආවේ චීනය රුසියාව කියුබාව වගේ රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු රටවල් ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කළා නම් හොඳයි. නිකනුත් ආහාර අහේනියෙන් පෙනෙන ඒ රටවලට කොරෝනා වසංගතය දරුණුවට බලපාල ඇති....
චීනා ගිය තැන විනාසයි... අපේ අය කවදා ඒක තේරුම් ගනීද මන්දා....
ඔයාලා වයිරස් එක බෝකරලා ලෝකේම වට්ටලා. බන කියනවා...
ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නේ චීනය හරි හොදයි කියලා... දැනටමත් පරක්කු වැඩියි...
අනේ අපිට නය පොලි ගෙවන්ටත් ආදායම නැතිඋනත් ඕනේ කුණු ගොඩක් චීනෙන් ගේන්ට විනිමය නිකුත්කරන මේ රටේ , ඔලුව ටිකක් කපටි උන්ට මොනවා හරි ප්ලාස්ටික් පටියකට විද්‍යුත් උපකරණයක් අටෝපු මගුලක් කන්ටේනර් ගණන් ගෙනල්ලා ළාභ ගන්ට ඉඩ ඇරලා තියන එක කොරෝනා නෙවෙයි ඕනේ මගුලක් උනත් සල්ලි හම්බවෙනවනන් පස්සට යන නැති අපේ අයට චිනේ තරම මසුරන් රටක් කොයින්ද ....?
චීනට බනින්න එපා, අපේ රටේ පවුලක් ඉන්නවා, එයාලට ගොඩාක් රිදේවි. එයාල තමයි අපිට කිව්වේ චීන කොරෝනා නෙමෙයි ඉතාලි කොරෝනා තමයි නරක කියල.