(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12)දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් ලොව පුරා පැතිර ගොස් ඇති කොරෝනා වෛරස ආසාදිත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
ඔවුන් අද (12) දින දහවල් 12.35 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1122 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් අතර ගර්භනී තත්වයේ පසුවන මාතාවන් පිරිසක් ද සිටියහ .
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම ගුවන් මගීන් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය විශබීජ හරණය කිරීම සිදු කළහ .
ඉන්පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් එක්ව මෙම ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , මොවුන් තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි නිරීක්ෂණය කර බලන්නට විය .
මෙම සියලු පරීක්ෂණ කටයුතු නිමාවෙන් පසුව , මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ වලින් රැගෙන යෑම සිදු කෙරුණි .



2025 දෙසැම්බර් මස 18
640
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චෙන්නායි නුවර සිරවී සිටි 320 එති