වන්නි ප්‍රදේශයේ තවත් නිරෝධායන මධ්‍යස්ථාන 3 ක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.
පලෙයි, ඉරණමඩු හා මුලතිව් ප්‍රදේශවල ඒවා ඉදි කෙරේ.
ගුවන් හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් විසින් මෙම මධ්‍යස්ථාන කළමනාකරණය කරන අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ සහාය ද ඊට ලබා ගැනේ.
කොරෝනා වයිරසය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය වීම මෙම මධ්‍යස්ථාන ඉදිකිරීමේ අරමුණ බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ඉදිකළ පළමු නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වන විට විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 206 දෙනෙක් නිරෝධායනයට ලක් කෙරෙති.
-226-
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)



COMMENTS
මගේ රටට දළදා හිමි සරණයි. ඔබ සැමටම සැමදා සියලුම දෙවි රැකවරනයි .