ජී.ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් කිහිපයකම දියවැඩියා රෝගීන්ට ලබා දෙන ඉන්සියුලින් ප්‍රතිකාරකය ප්‍රතිකාර කටයුතු සඳහා නොමැති බව අද (02) පැවැති දකුණු පළාතේ කොරෝනා වයිරස තත්ත්වය මර්ධනය සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක දී අනාවරණය විය.
විශේෂයෙන් මෙම ප්‍රතිකාරකය ඇල්පිටිය මූලික රෝහලේ නොමැති බව දකුණු පලාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ආහාර බෙදාහැරීම් සැපයුම, සමුපකාර අමාත්‍යාංශ ලේකම් ඒ යූ වේලාරත්න ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ප්‍රකාශ කර සිටියේ කොළඹ වෛද්‍ය සැපයුම් අංශයෙන් ඉන්සියුලින් බෙදාහැරීමේ ප්‍රමාදයක් පවතින හෙයින් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා ව්‍යාප්තිය අවම කර ගනිමින් හා අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටීම වලක්වා ගනිමින් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්විණි.
COMMENTS
ගාල්ලේ විතරක් නෙමේ... ලංකාවෙම ඉස්පිරිතාලවල දැන් මාස දෙක තුනක ඉදන් ඉන්සියුලින් නැහැ.
ඉන්සුඉලින් නැති වුනොත් සතියකට දහස් ගණනක මරණය සිදුවෙන්න පුළුවන්..., කරුණාකර රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය දිනකට පැය 12 වත් විවුර්තව තබන්න. රෝගීන්ට 119 එකට කතාකරල රෝහලට යන්න විශේෂ අවසරයක් ලබාදෙන්න කටයුතු කරන්න. බෙහෙත් ලබාදෙන එක රෝහල් හරහා ක්‍රියාත්මක කරන්න. රටේ තිබෙන පුද්ගලික රෝහල්ද තවකාලිකව රජයට පවරාගෙන මහජනයාට සේවය කරන ක්‍රමයක් සකසන්න. ඇදිරිනීතිය නිසා අපේ ආදායම් මාර්ග ඇහිරිලා සල්ලි තිබුනත් අත්‍යවශ්‍ය දෙයක් මිලදී ගැනීමට තිබෙන අවස්ථාව සිමා වෙලා... පුරවැසි අපි දිනෙන් දින මානසික ආතතියට සහ ශාරීරිකව පහලට වැටෙනවා. රූපවාහිනියේ එක එක සහන සහ දීමනා ගැන කිවත් ගම්වල අපට රුපියල් 100 පාලන මිලකට සමන් ටින් එකකෙවත් දෙන්න අද වෙනතුරුත් ආණ්ඩුවට බැරිවෙලා.... මාධ්‍ය සාකච්චා තිබුනට වැඩක් නැහැ , කියන ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් , මේක චිනේ වගේ කොමියුනිස්ට් රටක් නොවේ , අපට බොරු පොරොන්දු දුන්නොත් අපි ඔබල 2015 කෙරුව වගේ අනිවාර්යයෙන්ම ගෙදර යවනවා ,
කලබල වෙන්න එපා වෙලාවේ හැටියට කොතල හිඹුටු ටිකක්, තෙබු කොළ ටිකක්, තම්බල බිල පණ ගැටගහ ගන්න. ඉන්සුලින් හොයන්න එලියට ගියොත් කොරෝන හැදිලා ඉක්මනටම මැරෙන්න වෙනවා. වත්තේ ගස්ලබු ගහක්වත් හිටුවාගෙන නැතිද? දැන්වත් ගස්ලබු පැළයක්, තෙබු වැලක් කාරිය ඉන්දගන්න.
ගාල්ලේ පමණක් නොවේ අනිකුත් පතිවලත් හිගයක් තියෙනවා.