(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බ්‍රහස්පතින්දා (09) උදෑසන 6.00 අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1724 අත්අඩංගුවට ගෙන වාහන 496 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද (09) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 19,441ක් බවත් පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 5082 ක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
මේ අත්තඩංගුවට ගන්න විදියට ඇඳිරි නිතිය අයින් කරනකොට මුළු රටම හිරේ ඉදියි වගේ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න ෆේස්බුක් කොමෙන්ට් එකක් දාන මිනිස්සු පවා හිරේ දානවා. ඊළගට ඉතින් මාධ්‍යවේදීනුත් හිරේ දාන්න පටන් ගනියි.
ජනතාව එලියට බහින්නේ තමන්ට අත්‍යවශ්‍ය දේකට තමයි . ඒක පොලිසියට කිවුවට පොලිසියට තේරෙන්නෙත් නැහැ. ඒවගේම පොලිසියට ඒ මනුස්සය යන ගමන අත්යාවශ්යත් නැහැ . පර්මිට් එකක් ගන්න පොලිසියට ගියහම පොලිසියෙන් කියන්නේ ඒ කාරණය අත්‍යාවශ්‍ය එකක් නෙමෙයි කියල. නමුත් මිනිස්සු පොලිසි ගිහින් පර්මිට් ඉල්ලන්නේ තමන්ට අත්‍යවශ්‍ය දෙයකට යන්නයි . එහෙම දෙන්නේ නැත්නම් ඉතින් වෙන්නේ අහු උනත් කමක් නැහැ කියල ගමන යන්න තමයි. වැඩිම උනොත් අහු උනාම කුඩුවේ දාල කන්න දීල උසාවි දාල දඩයක් ගහන එකනේ . ආණ්ඩුවට දැන් සල්ලිත් නැති එකේ එහෙමවත් හොයන්න ඕනනේ .