අනීෂා මානගේ
කොළඹ සිට තංගල්ලට පැමිණ ඇඳිරි නීතිය තිබියදී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි සැකකටයුතු කාන්තාවක අද(11) අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.
මෙලෙස රෝහල්ගත කළේ කිරුළපන ප්‍රදේශයේ සිට පැමිණි බව කියන 35 හැවිරිදි කාන්තාවක බවට පොලිස් නිලධාරීන් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව දැනට දින පහකට පමණ ඉහතදී භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනවලින් කොළඹ සිට තංගල්ලට පැමිණ ඇතැයි අනාවරණය වී ඇත.
ඇය දින පහක් පමණ තිස්සේ තංගල්ල අවට ප්‍රදේශයේ නවාතැන්ගෙන ඇති අතර අද තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් කාන්තාව කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට මානසික ආබාධයක් තියෙනවද දන්නේ නැහැ?
මේක මේ රටේ විතරක් තියන දෙයක් නෙමේ. දැන් හොයන්න ඕන මෙයාට "ට්‍රාන්ස්පෝර්ට් " දුන්න අය ගැන......
මෙහෙම තැන තැන ඇවිදින්නේ එක්කෝ මානසික ආබාධිතයෙක්. නැතිනම් අම්මෝ පොලිසිය මහජන සුව පරීක්ෂ්කයින්වත් අහපු නැති ලෙඩ තියෙන කෙනෙක්. මෙ අයට විකාර...
කොරෝනා බෝම්බකාරියෙක් වෙන්න පුළුවන්.