IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොවිඩ් 19 අරමුදල මිලියන 609 දක්වා ඉහළට

(දිමුතු සඳරුවන්)

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.
 
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක , ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය විහාරය හා පාමංකඩ ශ්‍රී මහා විහාරාධිපති අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි වියට්නාම - ඇමෙරිකන් බෞද්ධ සම්මේලනයේ සභාපති ගරු තික් වීන් ලී ස්වාමින් වහන්සේ අමරිකානු ඩොලර් 15,000ක මුදලක් පරිත්‍යාගයක් කළ බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
එම මුදල වල්පොල පියරතන හිමියෝ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වෙත භාරදී තිබේ.
 
ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ  විශේෂ ගිණුමට මෙම පරිත්‍යාග බැර කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරයි.
 
කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ ගිණුමට දෙස් විදෙස් පරිත්‍යාගශිලීහූ ද දායක වී සිටිති.
 
නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.



අදහස් (7)

කොවිඩ් 19 අරමුදල මිලියන 609 දක්වා ඉහළට

Sam Friday, 10 April 2020 03:02 PM

මේකේ භාරකාරයා බැසිල් ද? නරියට කුකුල්ලු බාර දුන්න වගේ තමයි ඉතින්....

:       0       612

SamanSaturday, 11 April 2020 01:48 AM

සත පහකට වැඩක් නැති දේශපාලන කතාවක්...

:       0       0

Aris Friday, 10 April 2020 04:09 PM

තාම එක බිලියනයක් එකතු වෙලා නැහැනේ. කීයක් කුමක් සදහා වියදම් කරලා තිබෙනවද කියලත් දන්වන්න.

:       0       0

jagath Friday, 10 April 2020 11:06 PM

ප‍්‍රාර්ථනා කරනවා මෙ ආධාරවලට සුනාමි ආධාරවල වුණු දේ නොවී ජනතාවගේ ජීවිත ආරක්ෂාවට යොදවයි කියලා.... මෙ අර මුදල් මීට වඩා වැඩිවෙන්න තිබුණානම්, මොකද දෙයකින් විශ්වාසයක් තියන නිසා ....

:       0       0

Buddika Saturday, 11 April 2020 02:35 AM

මෙය තවත් අරමුදලක් නොවේවී කියා සහතියක් දිය හැකිද කිසිවෙකුටත් ...? කිසිදි විවිශ්වාසයක් තැබිය නොහැකියි. හැමදෙයක් තුළම ඇත්තේ හොරකම හා වංචාවයි.

:       0       0

Rane Saturday, 11 April 2020 03:36 AM

හැම එකටම තුප්පහි කතා නොකියා ඉන්න බැරි කොටසක් ඉන්නවා...

:       0       0

Amula Saturday, 11 April 2020 04:23 AM

කැරකිලා මූණටමනේ එන්නේ ඔය වගේ හොරා කන්න.පව්කාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site