අප්‍රේල් මාසය වනවිට දිනකට කළ හැකි ‘කොවිඩ්-19’ පරීක්ෂණ ධාරිතාව සිවු ගුණයකින් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි පාකිස්තාන රජය ප්‍රකාශ කරයි.
පරීක්ෂණ ධාරිතාව පහළ බැවින් පාකිස්තානයේ ආසාදිතයන්ගේ නිශ්චිතව වාර්තා වී නැතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

අප්‍රේල් 9 වැනිදා සිට වෛද්‍යවරුන්ට ලබාදෙන පෞද්ගලික ආරක්ෂණ උපකරණ කට්ටල යනාදිය වැඩි කරන බවත් පළාත් ආණ්ඩුවලට නොව ඒවා සෘජුවම රෝහල්වලට ලබාදීමට පියවර ගන්නා බවත් පාකිස්තානයේ සැලසුම් අමාත්‍ය අසාද් උමාර් පැවැසීය.
අද පස්වරු වනවිට පාකිස්තානයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 4,072ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 58කි. පාකිස්තානයේ කොරෝනා ආසාදනය වී සුවය ලබා ඇති සංඛ්‍යාව 467ක් වූ බව ද එරට රජය නිකුත් කළ දත්තවල දැක්විණි.
පාකිස්තානය තුළ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පෙබරවාරි මස අගදීය .
අල්ජසීරා/ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
25
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝවිඩ් පරීක්ෂණ ධාරිතාව 25,000කින් වැඩිකිරීමට පාකිස්තානය සැරසෙයි
thush Thursday, 09 April 2020 03:54 AM
හොද මාර්ගයක්. එම ධාරීතාව වැඩි කිරීමෙන් එම රට තම අවස්ථාව තේරුම් ගෙන ඇති බව හොදට පෙනේ. අපත් අපගේ පරීක්ෂණ ධාරීතාව ගැන වහා පියවර ගත යුතුව ඇත. ඇත..