ප්‍රින්ස් රත්නායක
කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්‍රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
මෙම ප්‍රදානය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනැමුණු අතර දැඩිසත්කාර ඒකක ඇඳන් 54 ක් පී.පීඊ. ( සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල) පන්දහසක් ඇතුලු වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්ව තිබේ.
ජාතික විශ්වවිද්‍යලයන්හි ආචාර්යවරු මෙම පිරිනැමීමට එක්ව ඇති අතර එම ආචාර්ය සංගමය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍යාම බන්නැහැක , සංගමයේ භාණ්ඩාගාරික පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය භරණ ජයවර්ධන, උප සභාපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන් යාපා, හිටපු සභාපති විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මාසෙකට විතර කලින් මම දැක්ක මේ පත්තරේම තියනවා කොරෝනා රෝගයට බෙහෙත් සොයා ගත්ත ආචාර්යවරු දෙදෙනෙක් සහ ආචාර්ය වරියක් ගැන. ඊට පස්සේ ඒ ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ ගැන දැනගන්න මම කැමැතියි.
විශ්ව විද්‍යාලයීය අචාර්ය සංගමය විශ්ව විද්‍යාල පුස්තකාලයාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරී හා සහකාර පුස්තකාලයාධිකාරී යන වෘත්තිකයන්ගේ සාමාජිකත්වයෙන් ද සමන්විත වේ. එබැවින් ඉහත පරිත්‍යාගය සඳහා ඔවුන්ගේ ද සෘජු දායකත්වය ලැබී ඇත. එය මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා විශ්වවිද්‍යාලය පුස්තකාලයාධිකාරී වෘත්තීකයන් ද සෘජුව මැදිහත්වීම කියාපෑමට හොද උදාහරණයකි...