(විනීතා එම් ගමගේ)
කුවේට් හි ලබා දුන් පොදු සමාකාලයේ දී භාර වී අප්‍රේල් 21 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් එසේ පැමිණීමට සූදානමින් සිටිය දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 ක් පමණක් බවත් රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් මාසයකට ආසන්න කාලයක් ඔවුන් ගෙන්වා ගැනීම පමා කරන ලද ආණ්ඩුව මෙම පිරිස කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ වගකීම භාරගත යුතු බවත් එතෙර අපි සංවිධානයේ කුවෙට් ශාඛාව පවසයි.
බරපතල අර්බුද රැුසකට මුුහුණ දෙමින් කුවේට්යේ රැදී සිටි වීසා කාලය ඉක්මවූ 16000 කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් ද අවශ්‍ය පහසුකම් ද සහිතව පොදු සමාකාලයක් ලබා දීම පිළිබදව කල් වේලා ඇතිව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නත් ඔවුන් ගෙන්වා ගැනීමට විධීමත් වැඩ පිළිවෙලක් සකස් නොකිරීම පිළිබ`දව ද ආණ්ඩුව වගකිව යුතු යැයි ද එම සංවිධානය චෝදනා කරයි.
පොදු සමාකාලය ආරම්භ වූ අප්‍රේල් 21 වැනිදා එම සමාව ලබන ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි නේවාසික ස්ථානවලින් ඉවත්වී තම මව්රට බලා යාමේ අපේක්ෂාවෙන් බවත් එදින ගමන් බලපත් ඇති අය පමණක් භාර ගත් අතර අනෙක් පිරිස මාසයක් තිස්සේ යන එන මං නැතිව තැන් තැන් වල රැඳී සිටින බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම වැඩිවී ඇත්තේ එම පිරිසට බවත් එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඞ් ලිවේරා මහතා එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වෙත එවන ලද ලිපියක සදහන් වේ.
දැනට කොරෝනා අවදානම වැඩිම රටක් වන ඉන්දියාව පවා තමන්ගේ වැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කණ්ඩායම් පවා කුවේටයට එවමින් සිටිද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි කිසිදු සහයක් නොදී චෝදනා කරමින් සිටීම කණගාටුවට කරුණකැයි ද එහි සදහන් වේ.
ජූඞ් ලිවේරා මහතා විසින් එවන ලද එම ලිපි ද සමග එතෙර අපි සංවිධානයේ සභාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ කුවේට් සිට ආවේ කොරෝනා වැළදුණු පිරිසක් බවටත් ඔවුන් ගේ පැමිණීම බෝම්බයක් බවටත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබද බලවත් අප‍්‍රසාදය හා කණගාටුව පළ කරන බවකි.
තම වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඕනැම ආණ්ඩුවක් ඕනැම තත්ත්වයක දී බැ`දී සිටින බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් අදාල නිවැරදි නිරෝධෘනයන ක‍්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එතෙර ඉල්ලා සිටින බව ද හදුන්නෙත්ති මහතා දන්වා තිබේ.
COMMENTS
සුනිල් හදුන්නෙත්ති, ඒ වගකීම විතරක් නෙමේ. පවුලේ වගකීමත් මේ ආණ්ඩුව භාර අරගෙන තමයි මෙච්චර හරියක් කරලා තියෙන්නේ. ඒ නිසා එන ඡන්දෙන් ඔයාලට අපි දෙනවා . ඒක මතක තියාගන්න. බොරුවට කට මැත දොඩවන්න එපා..
පොහොට්ටුවට චන්ද දාන්න කොඩි උස්සගන, අතින් වියදම් කරගන ආපු අයට දැන් තේරෙනවද රාජපක්ෂලා සලකන හැටි...? සීෂල්ස් රටේ වැසියන්ට තියන සැලකිල්ලත්, විදේශ විනිමය මේ රටට ගෙන්න අපේ ශ්‍රමිකයන්ට නැහැ. කොහොමද චන්ද වේදිකාවල විමල් පම්බෝරි ගහපු සහන මල්ල? ඊළඟට බලාපොරොත්තු වෙන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුව. CSN නාලිකාවෙන් ඔන්න නැවත දීල. එකට තමයි කියන්නේ 69 ලක්ෂ චන්ද, එක් පවුලක් පෝසත් කරන්න...
එහේ වීසා නැතිව හොරෙන් හිටපු එකට රටේ ආණ්ඩුව පලි නෑ....
හරි. PCR වාර්තාව එන මගියා සමග එව්වා නම් හැමෝටම පහසුයි... වඩා පරිස්සම් සහගතයි.
අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරගෙන රක්ෂණය සඳහා මුදල් ගෙවපු ශ්‍රමිකයින්ගේ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනේ..
රාජපක්ෂලාට ඡන්දෙ ඕන වෙනකොට විදෙස් ශ්‍රමිකයෝ රට විරුවන්. ලෙඩ වුණාම බෝම්බ.... දැන් සැපද?
ඕනෑම රටක එහි පුරවැසියන් බලාගන්න එක රජයේ වගකීමක්. ඒත් ඔය ලියුම් එවන කට්ටියට මේ රට මතක් වුනේ කොරෝනා වැඩි වෙනකොට.. කලින් පොදු සමා කාලයක් දුන්නම කී දෙනයිද ලංකාවට ආවේ..? කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඔය කුවේට්වල කට්ටි පැනපැන හිටපු අයගෙන් බහුතරයක් කලේ හොඳ වැඩ නෙමෙයි. හොර අරක්කු පවා පෙරුවා.. අනිත් ඒවා කියන්න බැරි තරම් අසික්කිත දේවල්. මගේ සහෝදරයා ඉන්නෙත් කුවේට්වල .. ඒත් ඔහු උපදෙස් පිළිපැදගෙන රැකියාව කරගෙන ඉන්නවා.. ඔහොම හදිසියේ ගෙන්නගත්තු ඉතාලි සෙට්එක අන්තිමට කරපු දේ අපිට මතකයි.. මේ රටේ කෝටි දෙකක් මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි හැම තීරණයක්ම ගන්න ඕනේ...
19000 ගෙන්වා ගන්න, අරන් බලා ගන්න අපේ රටේ පහසුකම් නෑ. කඳවුරු ඇරියත් වැඩ කරන්න අය නෑ. හමුදාවෙ අය යවනවා මිස වෙන කෙනෙක් ඕවගෙ වැඩ කරන්න යන්න කැමතිත් නෑ. කුවේට් වලින් ආපු පිරිසට කොරෝනා නෑ කියලා ටෙස්ට් කරලා ආපු අයට තමා ලංකාවෙදි පොසිටිව් වුනේ. බෝම්බ ගැහුවා කිව්වේ කුවේට් රජය කරපු වැඩේට.
අනේ හදුන් ඔයා?
ජෙප්පන්ට මලබද්ධය ඇති වුණත් මේ ආණඩුව පලිනේද? හැබැයි කටුකම්බිනේ ලැබුනේ 1989..
ඇත්ත, මිනිස්සු කියනවට ගුවන් තොටුපොල වැහුවා මෝඩ විදියට, ඉස්සෙල්ලා රට වැසියන්ට එන්න ඉඩ දෙන්න එපෑනේ. දැන් අසරණ මිනිස්සු කී දාහක් මැරෙයිද? අනික, අහිංසක මිනිස්සුන්ව වහල්කමට යවලා රටේ කාලකන්නි දේශපාලුවන් යැපෙනවා...
ගුණමකු සංවිධානවල මේ වගේ කතා නිසා මින් ඉදිරියට කාටවත් එන්න වෙන්නේ නැහැ.. ලංකාව අනිත් රටවල්වලට වැඩිය මිනිසුන්ට හොඳට සැලකුවා..
මීටපෙර ගිය වසරේ අවසාන කාලයේදී පොදු සමාකාලයක් දුන්නා නේද? ඉතිං ඒ කාලේ එන්න තිබ්බනේ. අනෙක් එක හොරෙන් පනින්න කිව්වේත් රජය නෙමේනේ. ඒකට රජය වග කියන්න ඕනේද? මේ වගේ මෝඩ චූන් දෙන්න එපා. අනෙක් එක කට්ටිය කියනවා ලංකාවට ඩොලර් එවන්න රට ගියේ කියලා. මම නම් රට ගියේ මගේ ආර්ථික මට්ටම සකස් කර ගන්න. ගාමන්ට් වල වැඩ කරන ළමයි රට යන්නේ නැතිව ලංකාවට ඩොලර් උපයලා දෙන්නේ..
හඳුන්ලාගේ උත්සාහය හරියනවා වගේ, ඔවුන්ට අවශ්‍ය ලංකාවෙත් මිනී කඳු ගොඩගහනවා දකින්න..., අර 88/89 වගේ, කාලකණ්ණි...
එතෙර අපි කියන සංවිධානය තනිකරම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ... කව්රු හොඳක් කරත් විවේචන කරන මෙහේ අමාරුවෙන් රැකියා කරන මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන තම පක්ෂ අරමුදල තර කර ගන්නා කට්ටියක්...
මෙවන් ප්‍රශ්න ඇතිවෙන්න තවත් හේතුවක් බලපානවා. ඒ කියන්නේ, මෙතෙක් පත්වූ සියළුම රජයන් තානාපති සේවය සඳහා යවන්නේ තම නෑයන් හා හිතවතුන්වයි. ඒ අය තානාපති සේවය සඳහා නිසි සුදුස්සන් නොවන නිසා රටෙන් මහා ධනස්කන්ධයක් නාස්ති වුවත්, එම සේවයෙන් රටට නිසි සේවයක් සිදුවෙන්නේ නැහැ. රටේ මුදල් අපරාදේ යනවා පමණක් නොවෙයි. මෙවන් ගැටළු අවස්ථාවන්වලදී ඒවාට නිසි පිළිතුරු ලැබෙන්නෙත් නැහැ. රට ගැන පිටරට වලටත්, පිටරට ගැන රටටත්, හරිහැටි තොරතුරු සන්නිවේදනයක් සිදුවන්නේ නැහැ... මෙහෙව් රටක සමාජයක තමයි අප දිවි ගෙවන්නේ. හරිම ෂෝක්.. නේද?
රට තුළ කොරෝනා පාලනය සම්බන්ධව රජයේ නිලධාරීන් ක්‍රියාත්මක වුණු ආකාරය ප්‍රශංසනීයයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්දව ක්‍රියාත්මක වියයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා කාර්යාංශය ඇතුළු නිලධාරීන් සුපුරුදු නිද්‍රාශීලී ගුණය නැවතත් මේ ව්‍යවසනකාරී අවස්ථාවේදීද පෙන්නුම් කරමින් සිටියි. ඔවුන් රජයට නිසිකරුණු වාර්තා කර නැත. මානුෂික අවශ්‍යතා ඇති අය ගෙන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැත. නෑ හිතවතුන් වෙනුවෙන් පමණක්ම ක්‍රියාත්මක වුණු බව පමණක් පෙනීයයි.
සියල්ලෝම බඩවියත රැකගන්න රටවල් ගානේ ගිය බව ඇත්ත. ඔය මහත්තයම කියන විදියට වීසා කාලය අවසන් වෙලා ඔහෙට වෙලා ඉන්නේ නැතිව ආපසු එන්නේ නැත්තේ මොකද? අපේ රට හොඳ නැති නිසා නේද? නීතියට අනුව කටයුතු නොකොට ප්‍රශ්නයක් වුණු වෙලාවට බනින එක නිකම් සමහර ගුණමකු දරුවෝ හැම කුණු ගොඩටම අම්මට බනිනවා වගෙයි. මව්බිමට බනින එකෙක් වත් හොඳින් ජීවත් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ.
ඇතැම් දේශපාලුවන් මෙන්ම ලිවේරා වැනි කටවල් වහගෙන ඉන්නවා නම් හොඳයි වගේ...
ඉතින් ඔවුන් වීසා නොමැතිව රැඳී සිටින්නේ ඇයි? වීසා නොමැතිව රැඳී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඊනියා සංවිධානය කරන්නේ කුමක්ද? දැන් ඔවුන් රජයට දොස් පවරනවාද?
හිතාගන්න පුළුවන් එතෙර අපි සංවිධානය කාටද වැඩ කරන්නේ කියලා...? ඔය ලිපිය කෙලින්ම ජනාධිපතිතුමාට හරි, අගමැතිතුමාට හරි යවන්න තිබුණානේ. මොකටද හඳුන්ට යවන්නේ...?
සහතික ඇත්ත. ඒ ඒ වෙලාවට හරි රජ්‍යතාන්ත්‍රික බුද්ධිමත් තීරණ ගත්තා නම් අද මේ මිනිස්සුත් බේරිලා රටත් බේරිලා. තමන්ගේ රටට එම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක්. ලංකාව තමා එකම රට තමන්ගේම මිනිස්සුන්ටම ගුවන්තොටුපල වහපු... රටේ නායකයන් සහ ඔවුන්ව ඒ තනතුරු වලට පත්කරපු අපිත් ලැජ්ජා වෙන්න ඕනෑ.
ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිසුන්ව බලාගන්න... ඇයි බොරුවට නහින්නේ ඕවා දේශපාලන සංවිධාන... මිනිස්සුත් දැනගන්න ඕනෑ.. එහේ ඉන්න අය කොරෝනා නැත්තං ඔය කියන කට්ටිය ඒවිද? ආපහු මව්රටට බොරු බේගල් දාන්න එපා. හැම අවුරුද්දකම වීසා නැති අයව යවනවා. ඒත් එන්නේ නැහැ. හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ... එදා අාවා නම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා...
පුලු පුලුවන් විදියට ගෙන්න ගන්නවට වඩා නොගෙන්න ගෙනම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා ඇති මේවගේ කතා ඇහෙද්දි... කොරෝනා නොවන්නට ඔය 16000ම ලංකාවට එන්න හිතන් හිටියද කියලා අවංකවම හිතලා බලන්න. අනෙක එක එක ඇමතිලා බෝම්බයක් ගැහැව්වා වගේ කිව්වට ලංකාවට ආපු කිසිම කෙනෙක් නොසලකා හැරලා නෑනේ...
තමන්ගේ රටේ මිනිස්සු ගෙන්වාගන්න හැකියාවක් ක්‍රමයක් නැති ආණ්ඩුවක්... එහෙ යවන කොට, සල්ලි ගන්න කොට, විනිමය එවනකොට 19,000 හොඳයි. අනික 19,000 ගෙන්න ගන්න කිව්වේ නැහැ එකපාරට... ටිකටික ගේන වැඩපිලිවෙළක් හැදුවේ නැහැ. මොකද ඒ මැදපෙරදිගනේ... සිෂෙල්ස්, ජපානය වගේ රටවලින් ගෙන්නගන්න පුළුවන්...
ඔය විදෙස් ශ්‍රමිකයන් මේ රටට විශාල විදේශ විනිමයක් උපයා දෙනවා. පේනවනේ ආණ්ඩුවේ වැඩ...
මහජන මුදල් වංචා කර කොටිපතියන් වුණු අධමයින් කියන්නේ, දකින්නේ තම ජනතාව බෝම්බයක් ලෙස කන්ද උඩරට ජනතාවනි.., වාචාලයින්ව රටේ පාලනයට එවන්න එපා...
සහෝදරයේ, කඩිමුඩියේ ගිණුම් තරවන තව සංවිධානයක් ගොඩ නගාගෙන වගෙයි.
ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිසුන්ව බලාගන්න... ඇයි බොරුවට නහින්නේ? මේවා දේශපාලන සංවිධාන... මිනිස්සුත් දැනගන්න ඕනෑ... එහේ ඉන්න අය කොරෝනා නැත්තන්... ඔය කියන කට්ටිය ඒවිද? ආපහු මව්රටට බොරු බේගල් දාන්න එපා.. හැම අවුරුද්දකම වීසා නැතිඅයව යවනවා. ඒත් එන්නේ නැහැ.. හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ...? එදා අවානම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා... මුලින්ම රට ඉස්ථාවර කරලා තමා කරන්න ඕනැ ඕවා...
කියන කියන දේවල් දාන අයට ගහන්න ඕනෑ...
රට යන අය යන්නේ ලංකාවට හම්බකරලා දෙන්න ඕනේ කියලා නෙවේ.. තමන්ට හම්බ කරගන්න වක්‍රව ලංකාවට විදේශ විනිමය එනබව හැබෑව... එ්ක මහබැංකුව කියන නිසා මිසක් වෙන විදිහකින් නෙවේනේ.. ඒ ඇවිල්ලත් මෙහෙ රුපියලක් හරි රජයෙන් ගත්තොත් එහෙම මේකේ විසුමක් වෙන්නේ නැහැ. පුලුවන් නම් මට එකෙක් හොයලා දියන්කෝ... රටගිහින් වැඩකරන්නේ ලංකාව වෙනුවෙන්...
බලෙන්, හොරෙන් නැවතිලා සිටියේ සමාව දීලා යන්න කීව කාලේ ආවා නම් ඔය මුකුත් නැහැනේ...