කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ 73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල එහි සුපුරුදු ස්වරූපයෙන් නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
උළෙල ලබන ජූනි හෝ ජූලි මස පැවැත්වීමට අපේක්ෂා කරන බව පවසමින් එහි සංවිධායකයෝ උළෙල පැවැත්වීම කල් දැමීමට පසුගිය මාසයේ කටයුතු කළහ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම නිවේදනය අනුව ප්‍රංශය අගුලු දැමීමේ සීමා මෙම සතියේදී දීර්ඝ කිරීමෙන් පසු සැලැස්ම තවදුරටත් විකල්පයක් නොවන බව ඔවුහු සඳහන් කරති.
ඒ අනුව ගන්නා විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් නිශ්චිතවම පැහැදිලි කර නොමැති නමුත් ඒ පිළිබඳ විධිමත්ව අදහස් හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
චිත්‍රපට ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සමඟ මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවද සංවිධායකයෝ පැවසූහ.
එම අදහස් මත චිත්‍රපට උළෙලේ ස්වරූපය වෙනස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනු ඇත.
73 වැනි කෑන්ස් චිත්‍රපට උළෙල මැයි 12 වැනිදා සිට 23 වැනිදා දක්වා දකුණු ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
ප්‍රංශයේ අගුලු දැමීමේ සීමා මැයි 11 දක්වා දීර්ඝ කරන බව ප්‍රංශ ජනපති එමැනුවෙල් මැක්‍රොන් මහතා පසුගිය සඳුදා පැවසූ අතර ප්‍රසිද්ධ උත්සව ජූලි මස මැද භාගය දක්වා නොපැවැත්විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා හේතුවෙන් කෑන්ස් චිත්‍රපට උළෙල වෙනස් වෙයි