IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා සහන වැඩට කොටපොල ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරස මර්ධන කටයුතු සහ ජනතාවට සහන ලබාදිම සදහා කොටපොල ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය.

ඒ අනුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබද ප්‍රාදේශීය සභාවට දැනුම් දුන් විට එම ද්‍රව්‍ය සහිත බඩු මල්ල සභාවේ සේවකයෙකු විසින් පාපැදියකින් එම නිවසටම ගෙන ගොස්දීම සිදු කරන බවත් මේ සදහා පාපැදි සහිත සේවකයින් පස් දෙනෙක් යොදවා සිටින බවත් අබේවික්‍රම මහතා සදහන් කළේය.

එමෙන්ම ජනතාවට අවශ්‍ය පානිය ජලය බව්සර් මගින් බෙදාහැරිමට එම සභාව කටයුතු යොදා තිබේ.

දෙනියාය සහ කොටපොල නගර ඇතුලු සියලුම පොදු ස්ථාන විෂබීජහරනය කිරිමද නොකඩවා සිදු කරනු ලබයි.

දෙනියාය රෝහලට කොරෝනා රෝගීන් ඇතුලු කරනු ලැබුවහොත් නිරෝධායනය කිරිම සදහා වෙන් කර ඇති වාට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වැසිකළියක් සහ නාන කාමරයක්ද පැය විසි හතරක් ඇතුලත ඉදිකරවා දුන් බවද අබේවික්‍රම මහතා සදහන් කළේය.

එම වාට්ටුවේ වෛද්‍යවරුන්ට නතරවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් නිල නිවසක් සහ හෙදි කාර්ය මණ්ඩලය සදහා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට අයත් නිල නිවසක්ද ලබාදිමට ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

එම රෝහලට ඇතුලු කරන කොරෝනා ආසාදතයින්ට ඇන්දවිම සදහා සරොම් දහයක් සහ චිත්ත දහයක්ද ලබාදී ඇති අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ඇදුම් මැසිම සදහා රෙදි තොගයක්ද දෙනියාය රෝහල වෙත ලබා දුන් බවද අබේවික්‍රම මහතා පැවසිය.



අදහස් (0)

කොරෝනා සහන වැඩට කොටපොල ප්‍රාදේශීය සභාවෙන් ලක්ෂ 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site