අද(11) සවස 6.45ට කොළඹ, නෙළුම් කුලුන විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීමට නියමිතය.
කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හමුදාව සහ පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙය ඇගයීම සඳහා මෙය සිදුකරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
කවුද එන්නේ දන්නේ අප්පොච්චිද?
විශේෂ තේමාවක් යටතේ මෙය ආලෝකමත් කිරීමට නියමිතව ඇත." හා හා ඒ කියන්නේ නිල් සහ කොළ පාට ඇතුළත්ව රතුපාට නැතිවද?
මෙයාලගේ මොළේ තමයි මොළේ. දැන් ඉතින් මේක හදලා නොතිබුනානම් කොහොමද උත්තමාචාර දක්වන්නේ. අම්මපා සතුටට නහයෙන් කඳුළු එනවා.
ඔව් ඉතින් කෝටි ගානක් වියදම් කරලා කරන්න දෙයකුත් නැති එකේ....
අද නාමල් මහත්තයගේ උපන්දිනයනේ ......
මොනවද මේ වෙලාවේ මේ කරන ජඩ දේශපාලනේ ?
කවුරු කොහොම අදහස් දැම්මත් මගේ අදහසනම් මේ කරන්නේ ලොකුම අපඅපරාධයක්. මේක ආලෝකවත් කරන්න කොපමණ මුදලක් වැය වෙනවාද ? එදිනෙදා කුලී වැඩ කරලා ගම්වල ජීවත්වුණු මිනිස්සු කීදෙනෙක් අද ගෙදරට හාල් කිලෝ 1ක් ගෙනියන්න සල්ලි නැතුව හුල්ලනවද ? මේක ආලෝකමත් කළා කියලා ඒ අහිංසක මිනිස්සුන්ගේ දරු පැටවුන්ගේ බඩවල් පිරෙනවද ? මෙහෙම බොරුවට වියදම් කරන මුදල් වලින් ඒ අහිංසකයින්ට එක හාල් කිලෝ 1ක ගානේ දෙන්න පිං සිද්ධවෙයි.