IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා රෝගීන් හඳුනාගන්න වීඩියෝ තාක්ෂණය

( තිලකරත්න දිසානායක.) 
 
ශ්වසන ආබාධ සහිත කොරෝනා යැයි  සැක පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් ජංගම දුරකථන මෘදුකාංග යෙදුමක් හදුන්වා දෙනු ලැබීය. 
 
දිවයිනෙහි පළමු වරට රෝගීන් සදහා මෙවන් මෘදුකාංගයක් නියාමන වැඩපිළිවෙළක් වශයෙන් ආරම්භ කර තිබේ.
 
මෙමගින් කොරෝනා ලක්ෂණ සහිත රෝගියෙකුද යන්න වීඩියෝ තාක්ෂණය මගින් හෝ රෝග ලක්ෂණ විමසා බැලීමෙන් පසුව යම් සැක සහිත තත්ත්වයක් පවතින්නේ නම් වෛද්‍ය කණ්ඩායමක් සහිත ගිලන්රථයක්  රෝගියාගේ නිවසට යවා රෝහල්ගත කිරීමට පියවර ගන්නා බවත් වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා,  එම මෘදුකාංගය හදුන්වා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය. 
 
මෙම මෘදුකාංගය 0707577688 යන ජංගම දුරකථන අංකය යටතේ හදුන්වාදීම අද (30) දහවල් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරුනු අතර මෙහිදී මහාචාර්ය අරුණ මුණසිංහ මහතා තව දුරටත් සදහන් කළේ කොරෝනා රෝගියෙකු බවට සැක කෙරෙන රෝගියෙකු හදුනා ගැනීමෙන් පසුව වෛද්‍ය වරයෙකු සහිත කාර්ය මණ්ඩලයක් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුද   ගිලන්රථයකින් යැවෙන අතර එම රෝගියා කොරෝනා රෝග තත්ත්වයෙන් පසුවන බවට තහවුරු වුවහොත් එම නිවසේ සාමාජිකයින් නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවත්ය.
 
මෙහිදී රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා ප්‍රකාශ කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ මහ නගර සභාව සමග එක්ව පුරපති එරංග සේනානායක මහතාගේ සහාය මත නගර සභා සීමා බල ප්‍රදේශය තුල මෙය ක්‍රියාත්මක කොට පසුව ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බවය.
 
මෘදුකාංගය හඳුන්වාදීමේ අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක , රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම, දැඩි සත්කාර ඒකකයේ කාර්ය භාරය වෛද්‍ය නිලධාරී ප්‍රියන්ත ශිරෝමන් , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛා ලේකම් වෛද්‍ය ලක්මාල් රූපසිංහ සහ සැලසුම් අංශය භාර වෛද්‍ය නිලංගී සුභසේකර යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.
 



අදහස් (0)

කොරෝනා රෝගීන් හඳුනාගන්න වීඩියෝ තාක්ෂණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site