IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කොරෝනා යැයි සැක ගැබිනි මව්වරුන්ට මාතලේ රෝහලේ වෙනම ඒකකයක්

(මහේෂ් කිර්තිරත්න)

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කරන ගැබිනි මව්වරුන් සඳහා මාතලේ  මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් ස්ථාපනය කළ බව මාතලේ මහ රෝහලේ  අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා අද (08) පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා කියා සිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ මෙම රෝහල ඒ සඳහා වෙන් කළ බවත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් බාහිර ප්‍රතිකාර ඒකකය මගින් කණ්ඩායම් තුනකට බෙදා ප්‍රතිකාර සිදු කරන බවත් මෙම ආසදන තත්වය මැඩලීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඒ සඳහා රෝහලේ සියලු කාර්ය මණ්ඩල කැපවී සිටින බවත්  වෛද්‍ය අසේල දිසානායක මහතා සඳහන් කළේය.

මෙම රෝගි තත්වයන් පිළිබඳව විස්තර දැන ගැනීම සඳහා මාතලේ මහ රෝහලේ කෝවිඩ් 19 ඒකකයේ දුරකතන අංක 070 5355355 / 066 2222261 / 066 3062126 යන අංකවලට ඇමතීමෙන් විස්තර හා තොරතුරු ලබා ගත හැකි බවද වෛද්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

 



අදහස් (0)

කොරෝනා යැයි සැක ගැබිනි මව්වරුන්ට මාතලේ රෝහලේ වෙනම ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site