( පුෂ්පකුමාර ජයරත්න )
කොරෝනා වයිරසය ආසාදිතයන් බවට සැකකරන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 20 දෙනාගෙන් 16 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව සුවය ලැබ මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරුවූ රෝගීන් තිදෙනෙකුම මේවනවිටත් අයිඩීඑච් උණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .
මේ ආකාරයට කොරෝනා ආසාදිතයින් ලෙස සහ සැකසහිත බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සහ දැනට සිටින සියළුම දෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවද ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ වලින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද අයවලුන් බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .
කොරෝනා රෝගීන් සඳහාම ප්‍රතිකාර ලබාදීමට මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේඇඳන් දෙසීයකින් පමණ සමන්විත වාට්ටු තුනක්ම සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
16 දෙනෙකුට මේ රෝගයට ගොදුරු නොවීම ගැන සතුටු වෙමු . . මේ අතරින් කොරෝන රෝගීන් 4 දෙනෙක් සොයාගැනීමට ලැබීම .. විශාල ජග්‍රහණයක් ලෙස සලකමු ..!