(සුමතිපාල දීයගහගේ)
වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ කොරෝනා සහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදලක් වෙන්කර ඇතැයි වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතා පැවසීය.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් බැගින් ලබාදීමට සහ විෂබීජහරණ කටයුතු සඳහා මෙම මුදල් වැය කරන බව ලොකුගේ මහතා කීය.
මීට අමතරව නිවෙස් වලට ගොස් සහන මිලට වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවලු මල්ලක්ද ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා පැවසීය.
දඹුල්ල සහ නුවරඑළිය ප්‍රදේශවලට ගොස් එළවලු මිලදී ගෙනවිත් සහන මිලට ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අඩු ආදායම්ලාභීන්ට එළවලු කෙස්වෙතත් වියලි ආහාර ලබා දෙනවනං එය ප්‍රමාණවත්ය.
දැන් චන්දය බලාගෙන බඩු බෙදන්න එපා...! රටේ අනාගතය බලාන අපේ ආනයනය නවතා ඇති දේ කුඩා කර්මාන්ත දිරි ගන්නවා නිපදවන්න ක්‍රියා කරන්න ! දකුණේ කොහු , කොසු , පාපිසි වැනි දෑ. ජන ජීවිතය නැවත යතා තත්වයට පත්වීමට ඉඩ සලසා දෙන්න !
ඇල්පිටිය ප්‍රාදේශය සභාවටත් පුළුවන් වේවිද කීයක් හරි දෙන්න. එහෙම නැත්නම් අපිට ප්‍රාදේශීය සභාවට දෙන්න වෙයිද? ආදාහනාගාරය හදන්න බැරි වෙච්ච සභාවට කෝරෝනා මඩින්න සල්ලි කොහේද...? දෙයියන්ගේ පිහිටයි...