කොරෝනා වයිරසය සම්බන්ධයෙන් උද්ගතව පවතින තත්වය මැඬපැවැත්වීම සහ ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා ඇමෙරිකාවේ සහ ලෝකයේ සෙසු රටවල, කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂකයන් කැඳවීමට ධවල මන්දිරය පියවර ගෙන තිබේ.
තාක්ෂණය යොදාගනිමින් දත්ත ලබාගැනීමේ නව ක්‍රම හඳුනාගැනීමටත්, ඒ ඇසුරින් සුබවාදී පිළිතුරු අපේක්ෂා කිරීමටත් පර්යේෂකයන් අත්‍යවශ්‍ය බව වොෂින්ටන් නුවර, ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කර ඇත.
ඒ අනුව, මයික්‍රොසොෆ්ට් සහ ගූගල් සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික විශේෂඥයින් සමඟ ධවල මන්දිරයේ අදාළ නිලධාරීහු එක් වී සිටිති.
ඔවුන් අත්‍යවශ්‍ය දත්ත ගබඩාවක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති අතර, වයිරසය සම්බන්ධයෙන් මීට පෙර කටයුතු කළ පුද්ගලයන්ට මඟහැරුණු දත්ත ඔවුන් හඳුනාගනු හැකි බව අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන්නෙත් එයාලා. හොයන්නෙත් එයාලා. ස්වභාවධර්මයාම තීරණය කරයි කව්ද නිවැරදි කියලා.