ඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා ස්ථාපිත අරමුදලට සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් සිදුකර ඇත.
අදාල අරමුදල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය සෙනසුරාදා දිනයේ හදුන්වාදෙනු ලැබුවේය.
මේ වන විටත් ව්‍යාපාරික, ක්‍රීඩා හා රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ එරට ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම එම අරමුදල සදහා මූල්‍ය පරිත්‍යාගයන් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව අක්ෂේ කුමාර් විසින් ඉන්දීය රුපියල් කෝටි 25 ක පරිත්‍යාගයක් එම අරමුදල සඳහා බැර කර ඇති අතර එය මේ දක්වා සිදුකළ ඉහලම පරිත්‍යාගමුදල ලෙසයි සැලකෙයි.
(හින්දුස්තාන් ටයිම්ස් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෝටිපති නළු නිළියන් ඉන්නෙ හරිම ටික දෙනයි.
කෝ අපේ රටේ නලාකාරයෝ? ඒ අය එයාලටම කියාගන්නේ සංවේදී කලාකාරයෝ කියලා නේද? මොකද සද්දයක් නැත්තේ? අර සේනා, මේ සේනා කියාගෙන ආපු අයත් කෝ?
දැං මේ බලං ඉන්නෙ සබීතා නෝනත් කීයක් හරි දෙයි කියලාද.?