IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට

කොරෝනා වයිරසය ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස වැරදි වැටහීමකින් අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.

එලෙස ඇල්කොහොල් පානය කළ තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.

සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ඉරානයේ අධිකරණ මාධ්‍ය ප්‍රකාශක ඝෝලාම් හොසේන් මහතා පැවසීය.

මෙම සාපරාධී ක්‍රියාවේ වගකීම සහ මරණ හා පුද්ගල ජීවිතවලට හානි කිරීමේ වගකීම ඔවුන් භාරගත යුතු බව හෙතෙම සඳහන් කළේය.

මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට  ඉරානය පත්ව ඇති අතර මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 62,589 ක් වේ.

වයිරසය හේතුවෙන්  මේ වන විට මරණ 3,872  ක් ඉරානයෙන් වාර්තා වී තිබේ.

වයිරසයට නියමිත ඖධයක් මේ වන විට සොයගෙන නොමැති අතර රෝග ලක්ෂණ සමනය කිරීමට හේතුවන ඖෂධ සීමිත සංඛ්‍යාවක් පමණක් හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් එරට පාර්ලිමේන්තුව වසා දැමීමට පියවර ගැනීමෙන් පසු ප්‍රථම වරට ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණි.

අඛණ්ඩව 7 වැනි දිනටත් නව ආසාදිතයින් වාර්තා වීම අඩු වීම තුළ මෙම පියවර ගෙන තිබුණි

-226-

(ඩේලිමේල් ඇසුරෙනි)

 



අදහස් (2)

කොරෝනා ප්‍රතිකාරයක් යැයි සිතා ඇල්කොහොල් පානය කළ ඉරානයේ 600 ක් මරුට

mangala Wednesday, 08 April 2020 12:34 PM

පන පිටින් ඉදපු මිනිස්සු මිසයිල් එකක් ගහල මැරුව නේද?

:       3       31

damithWednesday, 08 April 2020 02:10 PM

චීනය, ඉරානය, රුසියාව, උතුරු කොරියාව වගේ රටවල වෙන දේවල් කවුරුවත් දන්නේ නෑ

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site