IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා පැතිරීමේ කේන්ද්‍රස්ථානය යුරෝපයට

යුරෝපය මේ වනවිට කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. චීනයේදී වයිරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාටත් වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ලෝකයේ සෙසු රටවලින් දිනපතා වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අද පැවසුවේ කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ගෝලීයව මරණ 5,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීම 'ඛේදජනක සිද්ධියක්' බවයි.

“යුරෝපය දැන් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා“ යයි ජිනීවාහි මාධ්‍යවේදීන් අමතමින් ටෙඩ්‍රොස් අද (14 වැනිදා) පැවසීය

පසුගිය සඳුදා සිට යුරෝපයේ වාර්තා වූ රෝගීන් ගණන 16,000 කින් පමණ ඉහළ ගොස් ඇත. එය සාමාන්‍යයෙන් දිනකට 4,000 ක පමණ වැඩිවීමකි.

පෙබරවාරි මස මුල චීනයේ අර්බුදයේ උච්චතම අවස්ථාවේදී, දිනකට වාර්තා වූයේ රෝගීන් 3,000 ක පමණ සංඛ්‍යාවකි.
ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් දැඩි දේශසීමා පාලනයක් පැනවූ අතර රෝහල් ධාරිතාව විශාල ලෙස ඉහළ නංවන බව පවසා තිබේ. ඉතාලියේ සහ පෝලන්තයේ කූඩාරම්වල තාවකාලික ඇඳන් මත සිටින රෝගීන් සමග වෛද්‍යවරු දිවා, රෑ නොබලා වැඩ කරමින් සිටින බවද මාධ්‍ය වාර්තා කර ඇත.

යුරෝපයේ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 1200 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. එය ඉතාලිය තුළ පමණක් 1000 ඉක්මවයි.

ස්පාඤ්ඤය සහ බල්ගේරියාව යන රටවල් දෙකම වයිරසය සම්බන්ධව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 120 දක්වා ළඟා වීමත් සමඟ පොලිසිය අද (14) බාර්සිලෝනා නගරයට පිවිසෙන මාර්ග හතරක් අවහිර කිරීමට පියවර ගත්තේය.

- 085



අදහස් (0)

කොරෝනා පැතිරීමේ කේන්ද්‍රස්ථානය යුරෝපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site