(ඉන්දිකා රාමනායක)
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප‍්‍රචාරය පළ කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරි නාල්ල, දිවුල්දෙණිය, මීරිගම ප‍්‍රදේශයේ පදිංචි (50) හැවිරිදි කාන්තාවක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මැය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකර ඊයේ (16) පස්වරුවේ ඇය අත්අඩංගුවට ගෙන තිබිණි.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප‍්‍රචාර පළ කළ පුද්ගලයන් 17 දෙනෙකු මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ජාලිය සේනාරත්න මහතා පැවසීය.
මින් දෙදෙනකු කාන්තාවන් බවද හෙතෙම කියා සිටියේය.කොරෝනා සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රචාර සිදුකළ හා ඒවා හුවමාරු කළ පුද්ගලයන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මේක පෙන්නේ විකාරයක් හැටියට.