(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට අද (14) යැවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .
උඩුබද්දාවේ පදිංචි අවුරුදු 31ක් වයැසැති තරුණයෙකු වන ඔහු උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව හට ගැනීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා උඩුබද්දාව රෝහලට ඇතුළත් වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට එවීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි
Champa Saturday, 14 March 2020 01:42 PM
දැන්නම් සැකත් හිතෙනවා මේ දවස්වල රටට එන්නේ කොරෝන ආසාදිතයන්ද කියලා. දෙස් විදෙස් හැමෝම ඒ ගැන කියන්නේ. ඉතාලිය සහ කොරියාව වගේ රටවලින් ඇවිල්ල කටුනායක රණ්ඩු කරපු තමන් ගෙනියන වාහනේ රියදුරාට පහර දීලා පැනල යන්න හදපු පිරිසට කොරෝනා තියෙන බව හඳුනා ගැනීම භයානකයි. සමහරවිට මේ පිරිස සහ හඳුනා ගත්ත අනිත් විදේශිකයන් කොරෝන රෝග ලක්ෂණ තියෙද්දීම ලංකාවට ආව බවයි පේන්නේ. කොරෝන නිරෝධනය එපා කිව්වේ මේ රෝගය රටේ පතුරුවන්න අදහසින්. නැත්නම් රට ගැන හිතනවා නම් ස්වේච්චාවෙන් කොරෝන නිරෝධනයට සහභාගී වෙන්න එපෑය. මේක කීප වතාවක් කිව්වා. ගුවන් තොටුපොල සති කීපයකට වහලා රටේ ඉන්න මිනිස්සුන්ට කොරෝන පැතිරෙන්න හෝ පතුරුවන්න හදන උත්සාහය වළක්වා ගන්න වේලාසනම.
Warnakulasuriya Saturday, 14 March 2020 02:37 PM
පවතින තත්ත්වය අනුව අදාළ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයට ලක් නොවුන කරැණක් මෙහි සද හන් කළ යුතුව ඇත. මෙතෙක් ඒ පිළිබද සැළකිල්ලක් නොදැක්වීම කණගාටුවට කරැණකි. මෙම රෝගය ඇතිවෙන්නටත් කළින් බෝහෝ රටවල සුපර්මාර්කට්වල එළවළු, පළතුරැ තමන් තෝරා ගැනීමේදි පොලිතින් අත්ආවරණයක් (ග්ලවුස් එකක් ) භාවිතා කිරීම අනිවාර්ය වේ. වෙළදහිමියා එය නොමිලයේ සපයනු ඇත. සතිපොළක වගේ නම් වෙළෙන්දා පමණක් එළවළු පළතුරු ලබා දෙනු ඇත. නොදැනුවත්කමට කෙනෙක් පළතුරු ගෙඩියක් ඇල්ලුවොත් බැනුම් ඇසීමට සිදුවේ. අපේ රටේ එක පළතුරු ගෙඩියක් , බණ්ඩක්කා කරලක් දවසකට කීදෙනෙක් ස්පර්ශ කරනවාද? මෙවන් මොහොතකවත් වෙළදසැල් හිමියන් සහ ජනතාව දැනුවත් කිරීම අදාළ පාර්ශවයන්ගේ වගකීම විය යුතුය. ශ්‍රීලංකාවේ සමහර සුපර්මාර්කට්වල තිබුණත් එය අනිවාර්ය කර නැත. මේ වෙනකොට ඉතාලියේ සුපර්මාර්කට්වලට ඇතුළුවීමට පෙර විෂබීජ නාශකයක් මගින් අත් සෝදාගැනීම අනිවාර්ය කර ඇති තත්ත්වයක් පවති. හැම කෙනෙක්ම සැළකිලිමත්ව වගකීමෙන් කටයුතු නොකරන්නේ නම් අපේ රටවැනි දුප්පත් රටකට ඇතිවෙන තත්ත්වය සිතාගත නොහැකියි.