IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

( තිළිණි ද සිල්වා )

කොරෝනා වයිරසය ආසාදනය වී ස්විට්සර්ලන්තයේදී මියගිය ප්‍රථම ලාංකිකයාගේ දේහය පිළිබද අවසන් කටයුතු එරටදීම සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

මෙම ලාංකිකයාගේ මරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සමග ස්විස් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයිද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

යාපනය පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිට එරටට පැමිණි මෙම ලාංකිකයා මිය යන විට 59 හැවිරිදි වියේ පසුවු අයෙක් වන අතර ඔහු මිය යන විට ස්විට්සර්ලන්තයේ  සෙන් ගැලන් ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.ඔහු එරට ස්ථිර පදිංචිකරුවෙකුද වේ.

මෙම ලාංකිකයා ඉකුත් 25 වැනිදා ගිය බවට ජර්මනියේ බර්ලින් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ස්විස් සෞඛ්‍ය බලධාරීන් දැනුම් දුන් බව සබදතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකා රුවන්ති දෙල්පිටිය මහත්මිය පැවසුවාය .

මෙම පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා වයිරසය ආසාදනය වීම යැයිද ස්විස් බලධාරීන් එහිදී දැනුම් දී ඇති බවද ඇය පැවසුවාය .ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය පළමු ලාංකිකයාද ඔහු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.



අදහස් (3)

කොරෝනා ආසාදනය වී මියගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

de silva Saturday, 28 March 2020 05:28 PM

කොරෝනා රෝගයෙන් මියගිය ප්‍රථම ශ්‍රී ලංකිකය මිය ගියේ අද දින ලංකාවේදී , ස්විස්ටර්ලන්තේදී මිය ගිය මොහු ලංකාවේදී උපත ලැබුවත් ඔහු ස්විස් ජාතිකයෙකි . මොන ජාතිකයෙක් වුනත් ඔහුත් මනුෂ්‍යයෙක් , දෙදෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරමු .

:       0       23

lalithm Saturday, 28 March 2020 06:20 PM

එහෙ ස්ථිර පදින්චිකරුවෙක්නම් අපි මොකටද ඒ ගැන වදවෙන්නේ...? මෙහෙ හොඳ නැති හින්ද එහෙ ගියානම් එහෙ කෙනෙක් නොවේද?

:       153       4

sudda Sunday, 29 March 2020 02:06 AM

ඔහු වසර ගණනක් ස්විට්සර්ලන්තයේම ජීවත්වී එහි පුරවැසියකුවී ලංකාවේ පුරවැසිකම අතහැරියානම් ඔහු ලාංකිකයකු හැටියට දත්ත සටහ කිරීම වැරදියි. ඔහු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ස්විස් ජාතිකයකු හැටියටයි යන්නේ. නමුත් ඔහු තවමත් ශ්‍රී ලංකාවේ පුරවැසිකම අතහැරලා නැත්නම් ඔහු වැඩියෙන්ම ජීවත්වන රටේ මරණයක් ලෙස ගනින්න ඕනා. එංගලන්තයේ විසු තැනැත්තාත් ගැන එසේම බැලිය (දත්ත සටහන් කිරීමේදී). ලංකාව තුල සිදුවූ මරණ ගණන තාම එකයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site