(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරසය ආසාදිතවූ නාවික හමුදා සාමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි.
සුවය ලබා රෝහල්වලින් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත දින 14ක කාලයක් නිරෝධායන කි‍්‍රයාවලිය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.
මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 422 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදිතව සිටින බව කොවිඞ් පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අතර, අද (11) දිනයේදී කොවිඩි 19 වයිරසය ආසාදිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවද එම මධ්‍යස්ථානය සදහන් කරයි.
අංගොඩ අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 05 දෙනෙකුද, නවික හමුදා මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 04 දෙනෙකු සහ හෝමාගම මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 03 දෙනෙකු මෙලෙස සුව වී පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් වෙති.
තෙවරක් සිදුකරන ලද පී සී ආර් පරීක්ෂණ මගින් වයිරසය තවදුරටත් ඔවුන්ගේ ශරීර තුළ නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම නාවික හමුදා සාමාජිකයින් එම රෝහල්වලින් පිටත් කර ඇති බව ද සදහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවික හමුදාවේ අය මේ ලෙඩේ බෝකර ගත්තේ අනුන්ට උදව් කරන්න ගිහිල්ලා. ඒත්, ඒ අය ගමට ගියාම අනිත් මිනිසුන් බලන්නේ අමුතු ඇසකින්... ඒකට තමයි කියන්නේ කළ හොඳ පස්සෙන් එලවනවා කියලා...