IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා ආසාදිත තිදෙනකු නවාතැන්ගෙන සිටි හෝටල් 3 ක් වසා දමයි

(අනීෂා මානගේ)

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් තිදෙනෙකු නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක හෝටල් තුනක් අද (18) වසා දැමීමට තීරණය කළ බව තිස්සමහාරාම ‍ප්‍රාදේශීය සභාවේ සභාපති විතාරණගමගේ උපුල් මහතා පැවසීය.

විදේශික සංචාරකයින් පිරිසක් සමඟ සංචාරක මගපෙන්වන්නන් ලෙස පසුගිය 13, 14 දිනවලදී තිස්සමහාරාම ප්‍රදේශයට පැමිණි බව කියන මෙම පුද්ගලයන් තිදෙනා තිස්සමහාරාම සහ ඒ අවට ප්‍රදේශයේ සංචාරක හෝටල් තුනක නවාතැන් ගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි සභාපතිවරයා කීය.

මෙම පුද්ගලයින් තිදෙනා කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (17) තහවුරු වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

 

 



අදහස් (0)

කොරෝනා ආසාදිත තිදෙනකු නවාතැන්ගෙන සිටි හෝටල් 3 ක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 148 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site